වැලිගම දී සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ මහමොළකරු මෙන්න

වැලිගම දී අත්අඩංගුවට ගත් කිලෝග්‍රෑම් 220කට ආසන්න හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධ ජාවාරම මෙහෙය වූ ප්‍රධාන පුද්ගලයාව මේ වනවිට නිසැකවම අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඔහු ඩුබායි හි සිටින නඳුන් චින්තක හෙවත් හරක් කටා නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බවය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි  සැකකරුවන් 11 දෙනා ඊයේ (14) දිනයේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක කාලයක් රඳවා තබා ගනිමින් ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන තිබේ.

මෙම සැකකරුවන් 11 දෙනාට අමතරව අදාළ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (14) රාත්‍රියේ දී කෝට්ටේගොඩ සහ දික්වැල්ල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් දෙදෙනා මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ආධාර හා අනුබල දුන් අය බවට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ප්‍රධාන ධීවර බෝට්ටුවේ ධීවරයින් අතරට පුද්ගලයින් යෙදවීම සහ ඒ සඳහා මුදල් යෙදවීම ඔවුන්ට එල්ලවී ඇති චෝදනා වෙයි.

එම පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් ද රඳවා තබා ගැනීමේ නියෝගයක් ලබා ගනිමින් ප්‍රශ්න කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක බළකාය විසින් මීට දින දෙකකට පෙර එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.

පසුව එම මත්ද්‍රව්‍ය සහ අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 11 දෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට පියවර ගැනුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?