වැලිකඩ පොලිස් භාරයේ දී මියගිය නිමේෂ්ගේ සොහොනට පොලිස් ආරක්ෂාව

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී මරණයට පත් වූ බව කියන මීගහකිවුලේ නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මෘතශරීරය තැන්පත් කළ ඔහුගේ නිවසට යාබද සුසානය වෙත පොලිස් ආරක්ෂාව සපයා තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඊයේ (09) රාත්‍රියේ සිට එම සොහොන් පරිශ්‍රය වෙත පොලිස් ආරක්ෂාව යෙදීමට කටයුතු කර ඇති බවයි.

වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී ම‍රණයට පත් වූ මෙම තරුණ රැඳවියාගේ මරණය සම්බන්ධයෙන් ඊයේ අධිකරණ නියෝගයක් ද නිකුත් කෙරුණා.

ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ මරණකරුගේ මෘතදේහය යළිත් ගොඩගෙන ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකින් සමන්විත විශේෂ කමිටුවකින් පශ්චාත් මරණ පරීක්ෂණයක් යළිත් පැවැත්විය යුතු බවයි.

එම තීන්දුව අනුව කන්දකැටිය පොලිසිය විසින් අදාළ සොහොන් පරිශ්‍රය වෙත ආරක්ෂාව ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?