වැලිකඩ පොලිස් භාරයේ දී මියගිය නිමේෂ්ගේ සොහොනට පොලිස් ආරක්ෂාව

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී මරණයට පත් වූ බව කියන මීගහකිවුලේ නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මෘතශරීරය තැන්පත් කළ ඔහුගේ නිවසට යාබද සුසානය වෙත පොලිස් ආරක්ෂාව සපයා තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඊයේ (09) රාත්‍රියේ සිට එම සොහොන් පරිශ්‍රය වෙත පොලිස් ආරක්ෂාව යෙදීමට කටයුතු කර ඇති බවයි.

වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී ම‍රණයට පත් වූ මෙම තරුණ රැඳවියාගේ මරණය සම්බන්ධයෙන් ඊයේ අධිකරණ නියෝගයක් ද නිකුත් කෙරුණා.

ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ මරණකරුගේ මෘතදේහය යළිත් ගොඩගෙන ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකින් සමන්විත විශේෂ කමිටුවකින් පශ්චාත් මරණ පරීක්ෂණයක් යළිත් පැවැත්විය යුතු බවයි.

එම තීන්දුව අනුව කන්දකැටිය පොලිසිය විසින් අදාළ සොහොන් පරිශ්‍රය වෙත ආරක්ෂාව ලබා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40