වැල්ලවාය මහේස්ත්‍රාත්ගේ වැඩ තහනම්

වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතාගේ වැඩ තහනම් කර තිබෙනවා.

එලෙස වැඩ තහනම් කිරීමට හේතු වී ඇත්තේ, මහේස්ත්‍රාත්වරයාගේ නඩු තීන්දු කිහිපයක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත කරන ලද පැමිණිල්ලක් මත අධිකරණ සේවා කොමිෂන් සභාව ආරම්භ කළ විමර්ශනයක් සම්බන්ධයෙන් වූ කරුණු මත පදනම්ව‍යි.

මහේස්ත්‍රාත්වරයාගේ රාජකාරී කටයුතුවල දී සිදුව ඇති විදේශ ගමන් තහනම් ඉවත් කිරීම්, සහ නඩුවලට ඉදිරිපත් වූ භාණ්ඩ නිදහස් කිරීම් යනාදී කටයුතුවලදී සිදුව ඇතැයි කියන විෂමාචාර පිළිබඳව එම විමර්ෂනයන් සිදුකරනු ලබන බව වාර්තාවනවා.

මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා මීට පෙර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කළ අතර, පසුව ඔහු වැල්ලවාය අධිකරණයට මාරුවීම් ලබා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
5
+1
0
+1
2
+1
1
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?