වලාන ස්ථානාධිපති නමින් පෙනී සිට මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටින ව්‍යාපාරීකයින්ට තමන් වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස හඳුන්වා දෙමින් එම ව්‍යාපාරිකයින් බිය ගන්වා කප්පම් ලබා ගත් බව කියන සැකකරුවෙක්, වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (25) දිනයේ අත්අඩංගුවට ගෙන තිබුණා.

ගැලනිගම අධිවේගී පිවිසුම් මාර්ගය ආසන්නයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

මෙම සැකකරු අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම, සොරකම් කිරීම, කොල්ලකෑම, කප්පම් ගැනීම ඇතුළු චෝදනාවන්ට පොලිස් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇති අයෙකු බවටද අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී හෙරෝයින් මත් කුඩු ග්‍රෑම් 25 යි මිලි ග්‍රෑම් 620 ක්ද තිබී හමුවූ බව පොලිසිය සඳහන් කළා.

සැකකරු අම්බලන්ගොඩ, ගන්දර, රත්නපුර, හොරණ, පානදුර, මාරවිල සහ ත්‍රීකුණාමළය යන ප්‍රදේශ වල හෝටල්, අවන්හල් හිමියන් ඇතුළු ව්‍යාපාරීකයින් බිය ගන්වමින් කප්පම් ලබා ගෙන ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36