වැඩ බලන පොලිස්පතිවරයාගේ පත්වීම අභියෝගයට ලක් කළ පෙත්සම්වල කටයුතු අවසන්

වැඩ බලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත්කිරීම අභියෝගයට ලක් කරමින් කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව විසින් ඉදිරිපත් කළ පෙත්සම් 07ක සලකා බැලීමේ කටයුතු අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

මෙම පෙත්සම් අද (02) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ඒ .එච්.එම්.ඩී. නවාස් සහ ගාමිණී අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ දී අදාළ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිට නීතිඥවරු සඳහන් කළේ දේශබන්දු තෙන්නකෝන් ස්ථිර පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම අභියෝගයට ලක් කරමින් සිය සේවා දායකයින් මේ වන විටත් පෙත්සම් ඉදිරිපත් කර ඇති නිසා වැඩබලන පත්වීම අභියෝගය ලක්කරමින් ගොනු කළ පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතු නොවන බවයි.

ඒ ,අනුව වැඩබලන පොලිස්පති පත්වීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක සලකා බැලීම අවසන් කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15