spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැඩ බලන පොලිස්පතිවරයාගේ පත්වීම අභියෝගයට ලක් කළ පෙත්සම්වල කටයුතු අවසන්

වැඩ බලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත්කිරීම අභියෝගයට ලක් කරමින් කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව විසින් ඉදිරිපත් කළ පෙත්සම් 07ක සලකා බැලීමේ කටයුතු අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

මෙම පෙත්සම් අද (02) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ඒ .එච්.එම්.ඩී. නවාස් සහ ගාමිණී අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ දී අදාළ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිට නීතිඥවරු සඳහන් කළේ දේශබන්දු තෙන්නකෝන් ස්ථිර පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම අභියෝගයට ලක් කරමින් සිය සේවා දායකයින් මේ වන විටත් පෙත්සම් ඉදිරිපත් කර ඇති නිසා වැඩබලන පත්වීම අභියෝගය ලක්කරමින් ගොනු කළ පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතු නොවන බවයි.

ඒ ,අනුව වැඩබලන පොලිස්පති පත්වීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක සලකා බැලීම අවසන් කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?