වැඩ තහනම් කළ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගෙන් ජාත්‍යන්තර සංවිධාන 04කට පැමිණිලි

වැඩ තහනමට ලක්කර සිටින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න තමාට බලවත් අසාධාරණයක් සිදුවූ බව පවසමින් ජාත්‍යන්තර සංවිධාන කිහිපයකට පැමිණිලි කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

අන්තර් පාර්ලිමේන්තු සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලිිය පාර්ලිමේන්තු සංගමය, පාර්ලිමේන්තු මහලේකම්වරුන්ගේ ජාත්‍යන්තර සංසදය, සහ ජිනීවා මානව හිමිකම් කොමිසම යන ආයතනවලට මෙලෙස පැමිණිලි ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර ප්‍රවීනතම ජනාධිපති නීතිඥ මඩුල්ලක්, චමින්ද කුලරත්න මහතා වෙනුවෙන් මෙම පැමිණිලි සකස් කරමින් සිටින බව දැනගන්නට ලැබෙනවා.

ජාත්‍යන්තර සංවිධානවලට පැමිණිලි කිරීමට අමතරව මෙරට අභියාචනාධිකරණයේ ද මීට අදාළව නඩුවක් ගොනු කිරීමට
කටයුතු කරමින් සිටින බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

පසුගිය 23 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව විසින්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නීතීඥ චමින්ද කුලරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩතහනමකට ලක් කරනු ලැබුවා.

ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ලබාදී ඇති බව මූලික පරීක්ෂණයකින් හෙළිවීමෙන් පසුව වැඩ තහනම් කර ඇති බවයි වාර්තා වුණේ.

ඒ සම්බන්ධයෙන් විධිමත් විනය පරීක්ෂණයක් කිරීමටද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
10
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58