වැඩ තහනම් කළ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගෙන් ජාත්‍යන්තර සංවිධාන 04කට පැමිණිලි

වැඩ තහනමට ලක්කර සිටින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න තමාට බලවත් අසාධාරණයක් සිදුවූ බව පවසමින් ජාත්‍යන්තර සංවිධාන කිහිපයකට පැමිණිලි කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

අන්තර් පාර්ලිමේන්තු සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලිිය පාර්ලිමේන්තු සංගමය, පාර්ලිමේන්තු මහලේකම්වරුන්ගේ ජාත්‍යන්තර සංසදය, සහ ජිනීවා මානව හිමිකම් කොමිසම යන ආයතනවලට මෙලෙස පැමිණිලි ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර ප්‍රවීනතම ජනාධිපති නීතිඥ මඩුල්ලක්, චමින්ද කුලරත්න මහතා වෙනුවෙන් මෙම පැමිණිලි සකස් කරමින් සිටින බව දැනගන්නට ලැබෙනවා.

ජාත්‍යන්තර සංවිධානවලට පැමිණිලි කිරීමට අමතරව මෙරට අභියාචනාධිකරණයේ ද මීට අදාළව නඩුවක් ගොනු කිරීමට
කටයුතු කරමින් සිටින බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

පසුගිය 23 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව විසින්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නීතීඥ චමින්ද කුලරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩතහනමකට ලක් කරනු ලැබුවා.

ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ලබාදී ඇති බව මූලික පරීක්ෂණයකින් හෙළිවීමෙන් පසුව වැඩ තහනම් කර ඇති බවයි වාර්තා වුණේ.

ඒ සම්බන්ධයෙන් විධිමත් විනය පරීක්ෂණයක් කිරීමටද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව තීරණය කර තිබෙනවා.

  1. මේ තනතුර ශ්‍රිලංකා පරිපාලන සේවයේ ව්‍යවස්ථාපිත තනතුරක් බවට ශ්‍රීලංකා පරිපාලන සේවා ව්‍යවස්ථාවෙ පැහැදිලිව සදහන්කර ඇත. මම තනතුරට පත්වීමට ඇති ආකාරයන් 2 යි
    1. ශ්‍රීලංකා පරිපාලන සේවයට විධිමත්ව
    පත්වීම. ඒ ආකාර 3යි. විවෘත තරග
    විභාගයෙන් සමත්වීම, සීමිත තරග ව්භා ගයෙන් සමත්වීම හා කුෂලතා(merit)විභාගය සමත්වීම 2.ජනාධිපති වරයා විසින් ව්‍යවස්ථා දායක සභාවේ අනුමැතිය මත පත් කිරීම(තාවකාලික පත්වීමකි)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15