වැඩේ කරගන්න ඩයනා දෙන්නම් – රනිල්ට ආණ්ඩුව දුන් පණිවිඩය

බලශක්ති අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිටුපස තිබූ සිද්ධීන් මේ වන විට එළිදරව් වෙමිනුයි තිබෙන්නේ.

එක්සත් ජාතික පක්ෂ නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසභංග යෝජනාවට සංශෝධනයන් ගැනීමට ගත් උත්සාහය ව්‍යාර්ථ වු ආකාරය ගැන තවත් තොරතුරු රැසක් හෙළිදරව් වී තිබෙනවා.

විශ්වාසභංගයට ගෙන ආ සංශෝධනය

සමගි ජන බලවේගය බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාස විශ්වාසභංග යෝජනාව සමස්ත කැබිනට් මණ්ඩලයටම එරෙහිව ඉදිරිපත් කළ යුතු බවට සංශෝධනයක් ගෙන ඒමට වික්‍රමසිංහ මහතා අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ දින සිට එය විවාදයට ගන්නා තෙක්ම දැඩි උත්සාහයක නියැළුණා.

මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සිය විරෝධය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ඉදිරිපත් කළද ඔහු එය නොතකා වික්‍රමසිංහ මහතාට අදාළ සංශෝධනය ගෙන ඒමට අවස්ථාව ලබාදී තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

යෝජනාව සම්මත කිරීමට මන්ත්‍රීවරයෙක් සෙවීම

එහිදී බරපතළම ප්‍රශ්නය වී තිබෙන්නේ වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන යෝජනාව සම්මත කිරීමට මන්ත්‍රීවරයෙකු සොයා ගැනීමයි.

දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව වික්‍රමසිංහ මහතා ඒ සඳහා ප්‍රථමයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මුල් වූ ජාතික ජනබලවේගයේ සහය ඉල්ලා ඇති අතර ඔවුන් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.එහෙත් ඔවුන් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙන බවක් ඒ අවස්ථාවේ වික්‍රමසිංහ මහතාට දැනුම් දී නැහැ.

ඉන්පසු වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයෙන් සහයෝගය ඉල්ලා ඇති අතර ඔවුන් එය ප්‍රතික්ෂේප කරමින් පවසා තිබෙන්නේ තමන් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීමට තීන්දු කර ඇති බවයි.

මන්ත්‍රී කෙනෙක් ඉල්ලා ආණ්ඩුවට පණිවිඩයක්

මේ සියලු ප්‍රයත්නයන් අසාර්ථක වූ තැන වික්‍රමසිංහ මහතා යෝජනාව සම්මත කර ගැනීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ සහාය ලබා දෙන ලෙස ඉල්ලීමක්ද කර තිබෙනවා.

ආන්ඩුවේ අමාත්‍ය මණ්ඩලයට එරෙහිව ගෙනෙන යෝජනාව සම්මත කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකුගේ සහාය ලබාදීමට නොහැකි බැවින් සමගි ජන බලවේගයේ සිට ආණ්ඩුවට සහාය දීමට පැමිණි මන්ත්‍රීවරයෙකුගේ සහාය ලබාදීමට හැකි බව ආණ්ඩු පාර්ශවය වික්‍රමසිංහ මහතාට දන්වා තිබෙනවා.

ඒ අනුව ආණ්ඩු පාර්ශවය සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙස පත්ව මේ වන විට ආණ්ඩුවට සහාය දෙන ඩයනා ගමගේ මන්ත්‍රීවරිය යෝජනාව සම්මත කර කර ගැනීම සඳහා ලබා දීමට කැමති බවයි වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබෙන්නේ.

වැඩේ අත හැර දැමීම

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කලක් එ.ජා.ප යේ සිටි ක්‍රියාකාරී සාමාජිකාවක්.

එහෙත් ඇයද ආණ්ඩුව සමඟ සිටිමින් තම යෝජනාව සම්මත කළහොත් බරපතළ දේශපාලන පසුබෑමකට ලක්විය හැකි බැවින් වික්‍රමසිංහ මහතා අවසානයේ තම සංශෝධන යෝජනාව ඉදිරියට ගෙන යෑම නතර කිරිමට තීරණය කොට තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?