වැඩේ කරගන්න ඩයනා දෙන්නම් – රනිල්ට ආණ්ඩුව දුන් පණිවිඩය

බලශක්ති අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිටුපස තිබූ සිද්ධීන් මේ වන විට එළිදරව් වෙමිනුයි තිබෙන්නේ.

එක්සත් ජාතික පක්ෂ නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසභංග යෝජනාවට සංශෝධනයන් ගැනීමට ගත් උත්සාහය ව්‍යාර්ථ වු ආකාරය ගැන තවත් තොරතුරු රැසක් හෙළිදරව් වී තිබෙනවා.

විශ්වාසභංගයට ගෙන ආ සංශෝධනය

සමගි ජන බලවේගය බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාස විශ්වාසභංග යෝජනාව සමස්ත කැබිනට් මණ්ඩලයටම එරෙහිව ඉදිරිපත් කළ යුතු බවට සංශෝධනයක් ගෙන ඒමට වික්‍රමසිංහ මහතා අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ දින සිට එය විවාදයට ගන්නා තෙක්ම දැඩි උත්සාහයක නියැළුණා.

මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සිය විරෝධය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ඉදිරිපත් කළද ඔහු එය නොතකා වික්‍රමසිංහ මහතාට අදාළ සංශෝධනය ගෙන ඒමට අවස්ථාව ලබාදී තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

යෝජනාව සම්මත කිරීමට මන්ත්‍රීවරයෙක් සෙවීම

එහිදී බරපතළම ප්‍රශ්නය වී තිබෙන්නේ වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන යෝජනාව සම්මත කිරීමට මන්ත්‍රීවරයෙකු සොයා ගැනීමයි.

දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව වික්‍රමසිංහ මහතා ඒ සඳහා ප්‍රථමයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මුල් වූ ජාතික ජනබලවේගයේ සහය ඉල්ලා ඇති අතර ඔවුන් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.එහෙත් ඔවුන් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙන බවක් ඒ අවස්ථාවේ වික්‍රමසිංහ මහතාට දැනුම් දී නැහැ.

ඉන්පසු වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයෙන් සහයෝගය ඉල්ලා ඇති අතර ඔවුන් එය ප්‍රතික්ෂේප කරමින් පවසා තිබෙන්නේ තමන් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීමට තීන්දු කර ඇති බවයි.

මන්ත්‍රී කෙනෙක් ඉල්ලා ආණ්ඩුවට පණිවිඩයක්

මේ සියලු ප්‍රයත්නයන් අසාර්ථක වූ තැන වික්‍රමසිංහ මහතා යෝජනාව සම්මත කර ගැනීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ සහාය ලබා දෙන ලෙස ඉල්ලීමක්ද කර තිබෙනවා.

ආන්ඩුවේ අමාත්‍ය මණ්ඩලයට එරෙහිව ගෙනෙන යෝජනාව සම්මත කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකුගේ සහාය ලබාදීමට නොහැකි බැවින් සමගි ජන බලවේගයේ සිට ආණ්ඩුවට සහාය දීමට පැමිණි මන්ත්‍රීවරයෙකුගේ සහාය ලබාදීමට හැකි බව ආණ්ඩු පාර්ශවය වික්‍රමසිංහ මහතාට දන්වා තිබෙනවා.

ඒ අනුව ආණ්ඩු පාර්ශවය සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙස පත්ව මේ වන විට ආණ්ඩුවට සහාය දෙන ඩයනා ගමගේ මන්ත්‍රීවරිය යෝජනාව සම්මත කර කර ගැනීම සඳහා ලබා දීමට කැමති බවයි වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබෙන්නේ.

වැඩේ අත හැර දැමීම

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කලක් එ.ජා.ප යේ සිටි ක්‍රියාකාරී සාමාජිකාවක්.

එහෙත් ඇයද ආණ්ඩුව සමඟ සිටිමින් තම යෝජනාව සම්මත කළහොත් බරපතළ දේශපාලන පසුබෑමකට ලක්විය හැකි බැවින් වික්‍රමසිංහ මහතා අවසානයේ තම සංශෝධන යෝජනාව ඉදිරියට ගෙන යෑම නතර කිරිමට තීරණය කොට තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23