වැඩි මිලට අලෙවි කිරීමට සඟවා තිබූ සහල් කිලෝ 30,000ක් අකුරස්සෙන් මතුවෙයි (ඡායාරූප)

අකුරැස්ස නගරයේ වෙළදසැල් තුළ පාලන මිලට වඩා වැඩියෙන් සහල් අලෙවි කරනු ලබන බවට සහ සහල් සඟවාගෙන සිටින බවට ලද පැමිණිලි මත පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් ඊයේ (13) අදාල වෙළෙඳසැල් වටලා තිබෙනවා.

එහිදී පාලන මිලට වඩා වැඩි මිලට විකිණීමට ගබාඩා කර තිබූ සහල් කිලෝග්‍රෑම් තිස් දහසකට අධික සහල් තොගයක් සොයා ගැනිමට පාරිභෝගික සේවා අධිකාරි නිලධාරීන්ට හැකියාව ලැබුණා.

උපාය දූතයින් යොදවා මෙම වැටලීම් සිදුකර ඇති අතර එහිදී වෙළඳසැල් හිමියෙක් විසින් කැකුළු සහල් කිලෝවක් රුපියල් 270ක මුදලකට එම උපාය දූතයන්ට අලෙවි කර ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව එම අධිකාරියේ අනෙකුත් නිලධාරින් පැමිණ වෙළඳසැලේ ගබඩා තුළ සිදුකළ සෝදිසි කිරිම් වලදී වැඩි මිලට විකිණීමට ගබඩාකර තිබූ මෙම සහල් තොගය සොයා ගැනිමට හැකිව තිබෙනවා.

සුදු හා කැකුළු යන දෙවර්ගයටම අයත් සහල් උරවල බහා එහි ගබඩා කර තිබූ අතර එහි තිබි කිලෝග්‍රෑම් 50 හාල් මිටි 310ක්, කිලෝග්‍රෑම් 25 හාල් මිටි 450ක් හා කිලෝග්‍රෑම් 10 හාල් මිටි 420ක් සොයා ගැනුණා.

වෙළඳසැලේ හිමිකරු එහිදී කියා සිටියේ තමන් මෙම සහල් පාලන මිල පැනවීමට පෙර රැගෙන ආ ඒවා බවත් තමන් මෙම සහල් මිලදී ගත් මිල හා සැසදිමේදී පාලන මිලට කිසිසේත් හාල් ලබාදිය නොහැකි බවයි.

කෙසේ වෙතත් මෙම සහල් බහා තිබු උරවල සහල් නිෂ්පාදිත වර්ෂය ලෙස 2021 වර්ෂය සදහන්ව තිබුණා.

මේ අතර අකුරැස්ස නගරයේ තවත් වෙළඳසැලැක් තුළ සිදුකළ වැටලිමකදී අලෙවි කිරීමට තබා තිබූ ඇසුරුම් කරන ලද හාල් උරවල මිල සදහන් ස්ටිකර ගලවා තිබූ තවත් සහල් තොගයක් සොයා ගැනිමට හැකිව තිබෙනවා.

ඒ අනුව මෙම වෙළඳසැල් වලට වැඩි මිලට සහල් විකිණිමේ චෝදනාව හා නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය යනාදී තොරතුරු සටහන් නොකර භාණ්ඩ අලෙවි කිරීමේ චෝදනාව යටතේ නඩු පැවරිමට කටයුතු කළ බවයි වාර්තා වන්නේ.

WhatsApp Image 2022 06 13 at 7.25.13 PM
WhatsApp Image 2022 06 13 at 7.25.16 PM
WhatsApp Image 2022 06 13 at 7.25.17 PM
WhatsApp Image 2022 06 13 at 7.25.18 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?