AFC Banner
Empty Ad
Empty Ad

වැඩිම වර්ෂාපතනය කොළඹට – නිරිතදිගට තද වැසි

ඊයේ (06) පස්වරු 8.30 සිට අද (07) පෙරවරු 7.00 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එය මිලි මීටර් 162.5ක් ලෙස සටහන් වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

දෙවැනියට වැඩිම වර්ෂාපතනය කළුතර වලල්ලාවිට ප්‍රදේශයට ලැබී ඇති අතර, එය මිලි මීටර් 112.5ක් ලෙස සටහන් වී තිබෙනවා.

මේ අතර අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පැවතීම හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

ඒ, අනුව ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

2 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?