වැටුප අරමුදලට දෙන්න බෑ කිවු ඇමති

තමාගේ වැටුප කොවිඩ් -19 අරමුදල සඳහා කිසිසේත්ම පරිත්‍යාග කිරීමට නොහැකි බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත පවසයි.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ අමාත්‍යාංශයේ ඊයේ (23 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය. ඇමැතිවරයා පෙන්වා දෙන්නේ මූල්‍ය ආයතනයකින් ගත් ලක්ෂ සියයකට ණයක් සඳහා වාරික ගෙවීමට ඇති බැවින් තමාගේ වැටුප කොවිඩ් -19 අරමුදල සඳහා පරිත්‍යාග කිරීමට නොහැකි බවය.

එහෙත් මං වැටුප පරිත්‍යාග නොකළාට මගේ බේරුවල ආසනයේ ජනතාවට ගොඩක් උදව් කරනවා. මෙම කොවිඩ් වසංගතයෙන් මියයන සෑම අයකුටම මිනී පෙට්ටි අරන් දෙනවා. ඒ විතරක් නෙවෙයි නිරෝධායනය වන පවුල් සඳහා ආහාර මළු ද ලබා දෙනවා.‍එ හෙත් අනෙකුත් මහජන නියෝජිතයන්ගේ වැටුප් එම අරමුදල සඳහා පරිත්‍යාග කිරීම හොඳ සත් ක්‍රියාවක් යැයිද හෙතෙම කීවේය.

චාමර පල්ලේගෙදර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?