වැගන් ආර් එක ලක්ෂ 72ට නගී – ඇල්ටෝ මෝටර් රථයක් ලක්ෂ 40-50 අතර මිලකට (වීඩියෝ)

වාහන ආනයන සඳහා යළි අවසර ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට ස්තූතිවන්ත වන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

මෙලෙස වාහනය ආනයනයට අවසර ලබාදීමත් සමඟ වාහන වෙළඳපොලේ ඇතැම් වාහනවල මිල ගණන් ඉහළ යාමක් සහ ඇතැම් වාහනවල මිල ගණන් සුළු වශයෙන් පහළ යාමක් පෙන්නුම්කර හැකි බවයි එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ සඳහන් කරන්නේ.

ඒ, අනුව කැබ් රථවල මිල ගණන් පහළ යා හැකි බව සඳහන් කළ සභාපතිවරයා වෑන් රථවල මිල ගණන් ඉහළ යා හැකි බවයි අද (01) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

මේ අතර මෙරට බොහෝ පිරිසක් අතර ජනප්‍රිය මෝටර් රථයක් වන වැගන් ආර් වර්ගයේ නව රථයක් රුපියල් ලක්ෂ 72ක පමණ මුදලකට මිල දී ගත හැකි බවයි සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම ඇල්ටෝ වර්ගයේ ජපන් මෝටර් රථයක මිල ලක්ෂ 40-50 අතර මිලක් ගනු ඇති බව සඳහන් කළ ඔහු, ආනයනය කරනු ලබන ටොයෝටා ඇක්වා වර්ගයේ රථයක් ලක්ෂ 100 ඉක්මවනු ඇති බව සඳහන් කළා.

මේ අතර රජය විසින් වාහනය ආනයන සීමා ඉවත් කිරීමත් සමඟ පෙබරවරි අවසන් සතිය හෝ මාර්තු මස පළමු සතිය වන විට මෙරටට වාහන ගෙන්විය හැකි බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
23
+1
28
+1
1
+1
5
+1
0
+1
10
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09
Video thumbnail
Kasthirama | "ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පතට ඇයි කලබල ? " - කස්තිරම විශේෂ වැඩසටහන
01:25:01
Video thumbnail
පෞද්ගලික ඉඩමකින් මතුවූ නිසල වනඅලි සිරුර..පපුවේ කිසිම තෙත් ගතියක් නැති මිනිස්සු ඉන්නේ
01:28
Video thumbnail
රංචු පිටින් ඉන්නේ කවුද බලන්නකෝ..ඩෝන කැමරාවේ සටහන් වූ දර්ශන මෙන්න
01:35


?