පූර්ණ එන්නත්කරණයට ලක්වූ පිරිස හඳුනාගැනීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වාදීමට රජය සැරසෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
මෙම ජංගම දුරකතන යෙදවුම සකස්කිරීම සඳහා අවශ්‍ය මූලික පියවර මේ වනවිට ගෙන ඇති බව අමාත්‍යවරයා පවසයි.
ඉදිරියේදී කොවිඩ් එන්නත් මාත්‍රා 3ම ලබා ගත් අය පමණක් පූර්ණ එන්නත්කරණය ලැබූවන් ලෙස සලකන බව ඔහු පවසයි.
“ෆුලි වැක්සින් කියලා මීට පස්සේ නිර්වචනය කරන්නේ වැක්සින් 3ම ගත්ත අයට. ඒ අය ප්‍රසිද්ධ ස්ථානවලට යෑමෙන් වැළකීමේ හැකියාවක් අපට තියෙනවා. ඒ වෙනුවෙන් ඇප් එකකුත්, QR කොඩ් එකකුත් හදන්න දැනට අපි තාක්ෂණික අමාත්‍යාංශයේ කණ්ඩායමකට භාර දීලා තියෙනවා. ඒක ලැබුණු වහාම අපි ඒ නීතිය, එහෙම නැත්නම් ගැසට් එකක් ගහලා, නැත්නම් පාර්ලිමේන්තුවේ හරි ගෙනැල්ලා කටයුතු කරන්න හැකි ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා.”




