වාහන 03ක් ගැටීමෙන් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි

යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ පරන්තන් මංසන්ධිය අසල බස් රථයක්, ටිපර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙකට ගැටීමෙන් අද (29) අලුයම සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

යාපනය සිට නුවර බලා ධාවනය වූ බස් රථය මාර්ගය ආසන්නයේ නවතා තිබියදී පසුපසින් පැමිණි ටිපර් රථයක්, බස් රථයේ ගැටී ඇති අතර, ඉන් අනතුරුව තවත් යතුරුපැදියක්ද පිටුපසින් පැමිණ ටිපර් රථයේ ගැටීමෙන් අනතුර සිදු වූ බවයි වාර්තා වන්නේ.

යතුරුපැදියේ පැමිණි පුද්ගලයන් දෙදෙනාගෙන් එක අයෙක් එම ස්ථානයේම මිය ගොස් සිටි බවත් අනෙක් පුද්ගලයා කිලිනොච්චිය රෝහල වෙතට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ බව පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?