වාහන 03ක් ගැටීමෙන් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි

යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ පරන්තන් මංසන්ධිය අසල බස් රථයක්, ටිපර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙකට ගැටීමෙන් අද (29) අලුයම සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

යාපනය සිට නුවර බලා ධාවනය වූ බස් රථය මාර්ගය ආසන්නයේ නවතා තිබියදී පසුපසින් පැමිණි ටිපර් රථයක්, බස් රථයේ ගැටී ඇති අතර, ඉන් අනතුරුව තවත් යතුරුපැදියක්ද පිටුපසින් පැමිණ ටිපර් රථයේ ගැටීමෙන් අනතුර සිදු වූ බවයි වාර්තා වන්නේ.

යතුරුපැදියේ පැමිණි පුද්ගලයන් දෙදෙනාගෙන් එක අයෙක් එම ස්ථානයේම මිය ගොස් සිටි බවත් අනෙක් පුද්ගලයා කිලිනොච්චිය රෝහල වෙතට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ බව පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26