වාහන වර්ග කිහිපයක ආනයන සීමා ලබන සතියේ ඉවතට

වාණිජ වාහන 67ක සහ එච්.එස් කේත 299කට අයත් භාණ්ඩවලට පනවා ඇති ආනයන සීමා ලබන සතියේ ලිහිල් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

අද (04) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු කියාසිටියේ, පෞද්ගලික වාහනවලට අදාළ එච්.එස් කේත 304ක ආනයන සීමා ලිහිල් කිරීමට රජය තවමත් තීරණය කර නොමැති බව‍යි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ විපක්ෂ නායකවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා,

“පැවති විදේශ විනිමය හිඟතාව සහ අත්‍යවශය සේවාවන් ජනතාවට සැපයීමට අවශ්‍ය හින්දා මේ රටට සිදුකරන ආනයනය සමහර දේවල් තාවකාලිකව තහනම් කළා. සමහර දේවල් තහනමකට ලක්කිරීමක් සිදුකළා. ඒ අනුව විශේෂයෙන් ම රේගු දෙපාර්තමේන්තුවට බලපෑමක් ඇති වුණා වගේ ම විශේෂයෙන් ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු කුඩා ව්‍යාපාරිකයින් ඔවුන්ගේ ව්‍යාපාර කරගෙන යෑමට බලපෑමක් ඇති වුණා. එතකොට ආර්ථික ක්‍රියාකරකම්වලට හානි ඇති වුණා ඒ හරහා. මේ වෙනකොට අපි ඉදිරි සතිය තුළ දී විශේෂයෙන් ම මේ පුද්ගලික වාහනවලට අදාළව එච්.එස් කේත 304කට අදාළ වන සීමාකිරීම් හැර අනෙකුත් සීමා කිරිම් ලිහිල් කරන්න බලාපොරොත්තු වෙනවා. එතන දී පුද්ගලික පරිභෝජනය සඳහා වන මේ වාහනවලට අදාළව එච්.එස් කේත 304 හැර අනෙක් ඒවා නිදහස් කිරීමකට භාජනය වෙනවා. ඒ තුළ අනෙකුත් භාණ්ඩ සඳහා එච්.එස් කේත 299කුත් ඒවගේ ම විශේෂයෙන් ම එච්එස් කේත 67ක් අදාළ වෙනවා වාණිජ වාහන සඳහා. ඒකෙ දී මුලදි ගත්ත ක්‍රියාමර්ගය වෙනස් කරන්න අපි රජයක් හැටියට කටයුතු කළා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
3
+1
26
+1
1
+1
7
+1
8
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?