AFC Banner
Empty Ad
Empty Ad

වාහන තුනක් එකිනෙක ගැටෙයි – මවකට සහ දියණියකට බරපතලයි

පොළොන්නරුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ ජයන්තිපුර 21 කණුව මංසන්ධියට ආසන්නයේදී අද සවස රථ වාහන තුනක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් මවක හා දියණියක බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ මෝටර් රථයක්,කැබි රථයක් හා වෑන් රථයක්.

මෝටර් රථයේ ගමන් ගත් මවක හා දියණියක් තුවාල ලබා තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය පොලොන්නරුව දෙස සිට කොළඹ ප්‍රදේශයට ධාවනය වී ඇති අතර කැබ් රථය ගිරිතලේ සිට පොළොන්නරුව දෙසට ධාවනය කර තිබෙනවා.

මින්නේරිය පොලීසියේ රථ වාහන අංශ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරන අතර අනතුරෙන් තුවාල ලැබූ මව හා දියණිය ප්‍රතිකාර සදහා ජයන්තිපුර ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
8
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?