වාහන ආනයනය අත්හිටුවා තිබීම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ලැබූ විශාල ආදායමක් අහිමි වී ගොස් ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.
ඒ, අනුව නව වාහන ලියාපදිංචියෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලැබුණු ආදායම මෙලෙස අහිමිව ගොස් ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
එය එම දෙපාර්තමේන්තුවේ ආදායමෙන් සියයට 50ක් පමණ වන බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
සුළු වාහන සංඛ්‍යාවක් මෙම වසර තුළ අලුතින් ලියාපදිංචි වී ඇති බව සඳහන් කළ ඔහු පවසා සිටියේ ඉන් වැඩි සංඛ්‍යාවක් රජයේ වාහන බවයි.
වාහන පැවරීම්වලින් 2022 වසර තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 07ක පමණ ආදායමක් උපයා තිබෙනවා.
ඉන් වැඩි ප්‍රමාණයක් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ බවයි වාර්තා වන්නේ.




