AFC Banner
Empty Ad
Empty Ad

වාසුව ගණන් නොගත් අයට වැඩ වරදී ඇමතිවරු 48කට වාසු නඩු දායි

හිඟ ජල බිල්පත් ගෙවා නොමැති රජයේ නිවාසවල වෙසෙන මැති ඇමතිවරුන් 48 දෙනෙකුට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි නඩු පැවරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජාතික ජල සම්පාදන මණ්ඩලයට දැනුම් දී තිබේ.

නඩු පවරන බවට සඳහන් ලිපි වහාම එම මැති ඇමතිවරුන් වෙත යොමු කරන ලෙස ද අමාත්‍යවරයා ඉකුත් 24 වන දා ජල සම්පාදන මණ්ඩලයට දැනුම් දී ඇත.

යහපාලන රජයේ සිටි හා වත්මන් රජයේ සිටින මැති ඇමතිවරුන් පිරිසක් එසේ ජල බිල්පත් ගෙවා නොමැති අතර එම හිඟ බිල්පත් ගෙවන ලෙසට අවස්ථා කිහිපයකදී ඔවුන්ට දැනුම් දීම් කළ ද ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකිරීම සැලකිල්ලට ගනිමින් ඔවුන්ට එරෙහිව නඩු පවරන ලෙස අමාත්‍යවරයා ජල සම්පාදන මණ්ඩලයට එසේ උපදෙස් ලබා දී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?