මෙරට නිෂ්පාදිත ගිනි අවි 02 ක් හා වාලම්පුරි 02 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට හැකිවී තිබෙනවා.
ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ඊයේ (21) දින සවස් කාලයේ අම්බලන්ගොඩ, උඩකැලෑව ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ඉදිරිපත්කර ඇති බව වාර්තා වනවා.
සැකකරු වයස අවුරුදු 55 ක් වන උඩකැලෑව, මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1
1





