වාර්තා බිඳ දමමින් 2023 IPL පිටියේ සිය පිත්තේ රිද්මය සොයාගත් ලෝකේශ් රාහුල්

මෙවර අයි.පී.එල් තරගාවලිය තුළ සිය පිත්තේ රිද්මය සොයමින් සිටි ලක්නව් සුපර්ජයන්ට්ස් කණ්ඩයමේ නායක ලෝකේශ් රාහුල්ට සිය සුපුරුදු රිද්මයට පැමිණීමට ඊයේ (15) හැකියාව ලැබුණා.

පන්ජාබ් කිංග්ස් සමඟ ඊයේ රාත්‍රියේ පැවති තරගයේ දී පන්දු 56ක් තුළ ලකුණු 74ක් රැස්කරමින් වාර්තා පොත් අලුත් කිරීමට ද ඔහුට හැකියාව ලැබීමට විශේෂත්වයක්.

ඒ, අයි.පී.එල් පිටිය තුළ අඩුම තරග සංඛ්‍යාවක දී ලකුණු 4,000 සීමාව පසුකළ පිතිකරුවා බවට පත්වෙමින්.

ලෝකේශ් රාහුල් ඊයේ රැස්කළ ලකුණු 74ත් සමඟ මේ වනවිට අයි.පී.එල් පිටිය තුළ ලකුණු 4,044ක් ලබාගෙන ඇත්තේ සාමාන්‍ය 47.02ක් සහ 135.16ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින්.

අයි.පී.එල් පිටියේ ලකුණු 4,000 සීමාව පසුකර යෑමට රාහුල් ක්‍රීඩාකර ඇති ඉනිම් සංඛ්‍යාව 105ක්.

මීට පෙර අයි.පී.එල් පිටියේ ලකුණු 4,000 සීමාව පසුකර යෑමට අඩුම ඉනිම් සංඛ්‍යාවක් ක්‍රීඩාකර ඇති ක්‍රීඩකයින් අතර, ක්‍රිස් ගේල් (ඉනිම් 112), ඩේවිඩ් වෝනර් (ඉනිම් 114), විරාත් කෝලි (ඉනිම් 128) සහ ඒබී ඩිවිලියර්ස් (ඉනිම් 131) වැනි ක්‍රීඩකන් පෙරමුණේ පසුවනවා.

ලෝකේශ් රාහුල් අයි.පී.එල්. ඉතිහාසයේ 14 වැනි වැඩිම ලකුණු ලාභියා ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08