AFC Banner
Empty Ad
Empty Ad

වායු ගෝලයේ කැලඹීමක් – තැනින් තැන වැසි

පහළ වායු ගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් අද සහ ඉදිරි දින කිහිපයේ දී ද වැසි තත්ත්වය බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ; දිවයිනේ දකුණු අර්ධයේ එනම් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව යන පළාත්වලට විටින් විට වැසි ඇති වීමේ ඉඩකඩක් ඇති බවයි.

මේ දිනවල දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වරින් වර වැසි ඇති වීමේ තත්ත්වයක් මතු ව තිබෙනවා.

ඊට හේතුව වී ඇත්තේ පහළ වායු ගෝලයේ පවතින කැලඹිලිකාරී ස්වභාවයයි.

මේ හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දී ද වැසි ඇදහැලීමේ ඉඩකඩක් පවතින බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර ඊයේ දිනය වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවලට ඇදහැලුණු වර්ෂාව මිලිමීටර් 100 ඉක්ම වූ අගයක් ගැනීම හේතුවෙන් එම ප්‍රදේශවල මහා මාර්ග ජලයෙන් යට වී ඇති අයුරු දක්නට ලැබුණා.

බුත්තල ප්‍රදේශයට ඊයේ පස්වරුවේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනය සමග බුත්තල නගරය සහ ඒ අවට මාර්ග ජලයෙන් යට වූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

බුත්තල – බඩල්කුඹුර මාර්ගය, බුත්තල – මොණරාගල මාර්ගය සහ වැල්ලවාය – බුත්තල මාර්ගය මෙලෙස ජලයෙන් යට වී ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?