වායු ගෝලයේ කැලඹීමක් – තැනින් තැන වැසි

පහළ වායු ගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් අද සහ ඉදිරි දින කිහිපයේ දී ද වැසි තත්ත්වය බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ; දිවයිනේ දකුණු අර්ධයේ එනම් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව යන පළාත්වලට විටින් විට වැසි ඇති වීමේ ඉඩකඩක් ඇති බවයි.

මේ දිනවල දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වරින් වර වැසි ඇති වීමේ තත්ත්වයක් මතු ව තිබෙනවා.

ඊට හේතුව වී ඇත්තේ පහළ වායු ගෝලයේ පවතින කැලඹිලිකාරී ස්වභාවයයි.

මේ හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දී ද වැසි ඇදහැලීමේ ඉඩකඩක් පවතින බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර ඊයේ දිනය වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවලට ඇදහැලුණු වර්ෂාව මිලිමීටර් 100 ඉක්ම වූ අගයක් ගැනීම හේතුවෙන් එම ප්‍රදේශවල මහා මාර්ග ජලයෙන් යට වී ඇති අයුරු දක්නට ලැබුණා.

බුත්තල ප්‍රදේශයට ඊයේ පස්වරුවේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනය සමග බුත්තල නගරය සහ ඒ අවට මාර්ග ජලයෙන් යට වූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

බුත්තල – බඩල්කුඹුර මාර්ගය, බුත්තල – මොණරාගල මාර්ගය සහ වැල්ලවාය – බුත්තල මාර්ගය මෙලෙස ජලයෙන් යට වී ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51