logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

වාකරේට තද සුළං – නිවාස 12කට හානි (ඡායාරූප)

මඩකලපුව – වාකරේ හා කිරිමිච්චිය හරහා ඊයේ (04) පස්වරුවේ හමා ගිය තද සුළං තත්ත්වය සහ ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් එම ගම්මානයේ නිවාස 12කට දැඩි අලාභ හානි සිදු ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම තද සුළඟ හේතුවෙන් එම නිවාසවල වහළ ගැලවී ඇතැම් නිවාස මතට ගස් ද කඩාගෙන වැටී ඇති බවයි.

එමෙන්ම ගම්මානයේ විදුලි සැපයීමට ද මේ වනවිට (05) බාධා එල්ල වී තිබෙනවා.

ඒ විදුලි රැහැන් මතට ද ගස් කඩා වැටීම හේතුවෙන්.

වාකරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා අංශයේ නිලධාරියකු අප කළ විමසීමක දී සඳහන් කළේ මෙම අයහපත් කාලගුණ තත්ත්වය ඊයේ පස්වරු 05ට පමණ ඇති වූ බවයි.

දේපොළ හානි සිදු වුව ද කිසිදු ජීවිත හානියක් සිදු වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?