වාකරේට තද සුළං – නිවාස 12කට හානි (ඡායාරූප)

මඩකලපුව – වාකරේ හා කිරිමිච්චිය හරහා ඊයේ (04) පස්වරුවේ හමා ගිය තද සුළං තත්ත්වය සහ ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් එම ගම්මානයේ නිවාස 12කට දැඩි අලාභ හානි සිදු ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම තද සුළඟ හේතුවෙන් එම නිවාසවල වහළ ගැලවී ඇතැම් නිවාස මතට ගස් ද කඩාගෙන වැටී ඇති බවයි.

එමෙන්ම ගම්මානයේ විදුලි සැපයීමට ද මේ වනවිට (05) බාධා එල්ල වී තිබෙනවා.

ඒ විදුලි රැහැන් මතට ද ගස් කඩා වැටීම හේතුවෙන්.

වාකරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා අංශයේ නිලධාරියකු අප කළ විමසීමක දී සඳහන් කළේ මෙම අයහපත් කාලගුණ තත්ත්වය ඊයේ පස්වරු 05ට පමණ ඇති වූ බවයි.

දේපොළ හානි සිදු වුව ද කිසිදු ජීවිත හානියක් සිදු වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද වැස්සේ සැර - රත්නපුරට ඇදහැළුණු මහ වැස්ස
01:40
Video thumbnail
කඩා හැලෙන වැස්ස ගැන විශේෂ දැනුම්දීමක්
02:24
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15