ගල්කිස්ස, අල්විස් පටුමඟ සුඛෝපභෝගී දෙමහල් නිවෙසක පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලා ඉන්දුනීසියානු ජාතික සුරූපී කාන්තාවන් පස්දෙනකු සමඟ එහි කළමනාකරු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි.
පොලිසියට ලද තොරතුරක් අනුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව වැටලීම සිදුකළ බව පොලිසිය කියයි. බොරැල්ල ප්‍රදේශයේ පුද්ගලයකු විසින් මෙම සුඛෝපභෝගී නිවෙස රුපියල් එක්ලක්ෂ පනස් දහසක මාසික කුලී පදනම මත ලබාගෙන මෙම ස්ථානය පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.
රුපියල් 15,000 සිට ඉහළ මිල ගණන්වලට කාන්තාවන් අලෙවි කිරීම මෙහිදී සිදු කර ඇති අතර ව්‍යාපාරික ප්‍රභූ පුද්ගලයන් කාන්තාවන්ගේ පහස විදීම සඳහා මෙම ස්ථානයට පැමිණ ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවන් සහ කළමනාකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ගල්කිස්ස පොලිසිය වෙත භාර දී තිබෙන බවත් සඳහන්. පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය පරීක්ෂණ පවත්වයි.