ව්‍යාපාරිකයින්,ප්‍රභූ පුද්ගලයින් කාන්තාවන්ගේ පහස විදි ගල්කිස්සේ අභිරහස් ගණිකා මඬම

ගල්කිස්ස, අල්විස් පටුමඟ සුඛෝපභෝගී දෙමහල් නිවෙසක පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලා ඉන්දුනීසියානු ජාතික සුරූපී කාන්තාවන් පස්දෙනකු සමඟ එහි කළමනාකරු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි.

පොලිසියට ලද තොරතුරක් අනුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව වැටලීම සිදුකළ බව පොලිසිය කියයි. බොරැල්ල ප්‍රදේශයේ පුද්ගලයකු විසින් මෙම සුඛෝපභෝගී නිවෙස රුපියල් එක්ලක්ෂ පනස් දහසක මාසික කුලී පදනම මත ලබාගෙන මෙම ස්ථානය පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි. 

රුපියල් 15,000 සිට ඉහළ මිල ගණන්වලට කාන්තාවන් අලෙවි කිරීම මෙහිදී සිදු කර ඇති අතර ව්‍යාපාරික ප්‍රභූ පුද්ගලයන් කාන්තාවන්ගේ පහස විදීම සඳහා මෙම ස්ථානයට පැමිණ ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවන් සහ කළමනාකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ගල්කිස්ස පොලිසිය වෙත භාර දී තිබෙන බවත් සඳහන්. පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය පරීක්ෂණ පවත්වයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25