Empty Ad
Empty Ad
AFC Banner

ව්‍යාජ ලේඛන හදා රේගු කනෙන් රිංගා මෙරට වාහන ගෙන්වූ සැකකරුවන් කොන්දේසි මත නිදහස්

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට නිසි ලෙස බදු නොගෙවා මෙරටට ආනයනය කළ රුපියල් කෝටි 100ක් වටිනා සුඛෝපභෝගී වාහනයක් ඇතුළු තවත් වාහන 178ක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ දත්ත පත්‍රයට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ලියාපදිංචි කිරීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු හා නිලධාරීන් 05ක් මෙන් ම එම වාහනයකට හිමිකම් කියන බවට පැවසෙන පුද්ගලයෙකු රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමට අධිකරණය අද (29) නියෝග කළා.

මෙම නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු තිළිණ ගමගේ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේ දී ඇප මත නිදහස් කළ පුද්ගලයින්ට කිසිදු අධිකරණ අවසරයකින් තොරව විදෙස්ගත වීම වළක්වාලමින් නියෝගයක් ද නිකුත් කෙරුණු බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

2005 වර්ෂඑයේ දී ලියාපදිංචි කළේ යැයි පැවසෙන එක් වාහනයක් සැබවින්ම ලියාපදිංචි කර ඇත්තේ 2015 වර්ෂයේ දී බවත්; එම වාහන අංකය යටතේ තවත් වාහන දෙකක් ලියාපදිංචි කර ඇති බව ද අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ අනූෂා සම්බන්ධන්පෙරුම මහත්මිය අධිකරණ හමුවේ ප්‍රකාශ කළා.

එකී වාහන සඳහා අංක තහඩුව ලබා දී ඇත්තේ ද 2019 වර්ෂයේ දී බවත්; අනූෂා සම්බන්ධන්පෙරුම මහත්මිය දැනුම්දුන් අතර ඇය සඳහන් කළේ නිලධාරීන් පස්දෙනෙකුගෙන් එක් අයෙකුගේ නිවසේ කුඩා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවක් මෙන් තැනූ කාර්යාලයක් ඇති බවත්, එහි තිබී මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් අතුරුදන් වූ ලියාපදිංචි ගොනු 07ක් සහ ව්‍යාජ අංක තහඩු 07ක් ද සිදු කළ විමර්ශනවල දී සොයාගත් බවයි.

එබැවින් එම සිවිල් පුද්ගලයාට එරෙහිව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නීතිරීති අනුව චෝදනා එල්ල වී ඇති බවත් වෙනත් අධිකරණවල ද ඊට සම්බන්ධ නඩු කිහිපයක් ම පවතින බව ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පෙන්වා දුන්නා.

එමෙන්ම සිය කොමිසම විසින් මෙම සිද්ධියට සම්බන්ධ මුල් සැකකරුවන් 05 දෙනාට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බවත් අනූෂා සම්බන්ධපෙරුමන් මහත්මිය අධිකරණයට සඳහන් කළා.

එබැවින් මෙම සැකකරුවන් විවිධ කූඨ ලේඛන සකසා වංචනික ක්‍රියාවලට සම්බන්ධ බවට හෙළිව ඇති බැවින් විමර්ශන කටයුතු නිම වනතෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි සහකාර අධ්‍යක්ෂවරිය ඉල්ලා සිටියේ.

නමුත් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ප්‍රකාශ කර සිටියේ; අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කිසිදු ලෙසකින් එවකට සිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් හෝ සටහන් කර නොගෙන මෙලෙස සිය සේවාදායකයින්ට නොතීසි යවා අධිකරණයට කැඳවීමත් ඔවුන්ව චෝදනා පත්‍රයක් ගොනු නොකර රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටීම යුක්තිසහගත නොවන බවයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි අනූෂා සම්බන්ධන්පෙරුම මහත්මියගෙන් හිටපු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශයක් ලබා ගත්තේ ද යන්නයි.

නමුත් එය සිදු නොකළ බවටයි ඇය අධිකරණයට දන්වා සිටියේ.

මෙම කරුණු සියල්ල සලකා බලා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර සිටියේ; සැකකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි චෝදනා පත්‍රයක් මාර්ගයෙන් ගොනු කිරීමට අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව අපොහොසත් වීම හේතුවෙන් කොන්දේසි මත සැකකරුවන් ව නිදහස් කරන ලෙසයි.

නමුත් මෙම පරීක්ෂණයේ ඉදිරි විමර්ශන කටයුතුවලට එය කිසිදු අයුරකින් බාධා නොවිය යුතු බවට ද අධිකරණය සැකකරුවන්ට අවවාද කළා.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ශවෙන්ද්‍ර ප්‍රනාන්දු, ජ්‍යේෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරාල සහ හෆීස් ෆා‍රිස් යන අයයි.

මෙම නඩුව සම්බන්ධයෙන් වන ප්‍රගති වාර්තාවක් පෙබරවාරි මස 21 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත අධිකරණය නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් - සජිත් රටේ බලය අල්ලන ප්ලෑන් එක මෙන්න - සජබයේ ප්‍රබලයෝ හදිසියේ කළුතරදී රැස්වෙයි
08:08
Video thumbnail
ඇමති නාමල් ජීවිත අවධානම හිතන්නේ නැතුව අදත් වහපු මෝලකට යයි
12:28
Video thumbnail
සීසර්ලා එක්ක එකතුවෙලා OIC දාපු සෙල්ලම් මාට්ටු - මෙන්න හඬපටය
30:47
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
01:13
Video thumbnail
මොනවා නැතත් හැමදාම Show නම් දානවා - වසන්ත අද කියන පම්පෝරිය
05:50
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57

?