ගිනි අවියක් බෑගයේ දමාගෙන නගරයක කරක් ගැසූ අපරාධ කල්ලි සාමාජිකයා අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකුගේ ප්‍රධාන ගෝලයෙකු මෙරට නිෂ්පාදිත මිලිමීටර් 09 උණ්ඩ යෙදවිය හැකි ගිනි අවියක් සහ උණ්ඩ තුනක්, අයිස් මත්ද්‍රව්‍යය ද සමඟ කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුව ඊයේ (02) පස්වරුවේ කළුතර – නාගොඩ මංසන්ධියේ දී අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගිනිඅවියක් සමග පුද්ගලයකු කළුතර – නාගොඩ ප්‍රදේශයේ සැරිසරන බවට ලද තොරතුරක් මත මෙම සැකකරු හඳුනාගෙන සැකකරු ව පරීක්ෂා කිරීමේ දී ඔහු කරේ දමා සිටි බෑගය පරීක්ෂා කිරීමේ දී එම බෑගයේ තිබී ගිනිඅවිය සහ උණ්ඩ තුන සොයා ගැනීමට හැකි වූ බව පැවසෙනවා.

මෙම සැකකරු පසුගියදා කටුකුරුන්ද ප්‍රදේශයේ පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධව අනුබලදීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාරගත ව සිට ඇප මත සිටින පුද්ගලයකු බවයි.

ඒ අනුව කළුතර ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලියකට සෘජුව ම සම්බන්ධකම් ඇති පුද්ගලයකු බවට ද මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සැකකරු 29 හැවිරිදි කිතුලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු ව අද (03) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26