ගිනි අවියක් බෑගයේ දමාගෙන නගරයක කරක් ගැසූ අපරාධ කල්ලි සාමාජිකයා අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකුගේ ප්‍රධාන ගෝලයෙකු මෙරට නිෂ්පාදිත මිලිමීටර් 09 උණ්ඩ යෙදවිය හැකි ගිනි අවියක් සහ උණ්ඩ තුනක්, අයිස් මත්ද්‍රව්‍යය ද සමඟ කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුව ඊයේ (02) පස්වරුවේ කළුතර – නාගොඩ මංසන්ධියේ දී අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගිනිඅවියක් සමග පුද්ගලයකු කළුතර – නාගොඩ ප්‍රදේශයේ සැරිසරන බවට ලද තොරතුරක් මත මෙම සැකකරු හඳුනාගෙන සැකකරු ව පරීක්ෂා කිරීමේ දී ඔහු කරේ දමා සිටි බෑගය පරීක්ෂා කිරීමේ දී එම බෑගයේ තිබී ගිනිඅවිය සහ උණ්ඩ තුන සොයා ගැනීමට හැකි වූ බව පැවසෙනවා.

මෙම සැකකරු පසුගියදා කටුකුරුන්ද ප්‍රදේශයේ පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධව අනුබලදීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාරගත ව සිට ඇප මත සිටින පුද්ගලයකු බවයි.

ඒ අනුව කළුතර ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලියකට සෘජුව ම සම්බන්ධකම් ඇති පුද්ගලයකු බවට ද මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සැකකරු 29 හැවිරිදි කිතුලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු ව අද (03) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21 විපක්ෂ රැළියට අපිට ආරාධනා කළේ නෑ..මුන්ගේ තියෙන ආඩම්බරකම
02:27
Video thumbnail
මහින්ද ජයසිංහ, දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා
07:50
Video thumbnail
බොරු කියන ටොම් පචයන්ගේ ආණ්ඩුවක් පෙරළීමේ චේතනාවක් තුන් හිතකවත් නෑ..
04:41
Video thumbnail
කතාකරන්න දෙයක් නෑ යකෝ - දීපන් මගේ සල්ලී..Showroom එකක් ඇතුළේ යකා නටපු හැටි..
02:21
Video thumbnail
මෙයාලා අමු දූ#ෂිතයෝ - ලෝක හොරකමක්
25:04
Video thumbnail
ආණ්ඩුව දැන් තමයි හොරකම් කරන්න ඉගෙනගන්නේ
21:19
Video thumbnail
මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට තිත තියන්න ආනන්දගෙන් පියවර රැසක්..බැරෑරුම් පැත්තට උඩු දුවලා
10:20
Video thumbnail
RDA එකෙන් ඇවිත් මුළු ගමක්ම සුන්නද්දූලි කරයි..
00:25
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
00:36
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි..දැඩි පොලිස් ආරක්ෂාවක් දාලා
01:51


?