AFC Banner
Empty Ad
Empty Ad

ව්‍යාජ දුරකථන ඇමතුම් ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

දිවයිනේ විවිධ ප්‍රදේශවල ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 09 කට පමණ ව්‍යාජ දුරකථන ඇමතුම් ලබා දී එම ඩිපෝවල කළමනාකරු, ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හෝ ඔවුන්ගේ පවුලේ ඥාතීන් යම්කිසි ස්ථානයක හදිසි ආපදාවකට ලක්ව ඇති බවට ව්‍යාජ දුරකථන ඇමතුම් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

ඒ, අනුව ඔවුන් පැමිණි වාහනය අලුත්වැඩියා කරගැනීම සඳහා රුපියල් 10,000ක් වැනි හදිසි මුදලක් ඊෂිකෑෂ් ක්‍රමයට එවන ලෙස අදාළ පාර්ශවයන් වෙතට දැනුම් දී ඇති බවයි අනවරණය වී ඇත්තේ.

මේ සම්බධයෙන් විවිධ පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී ඇති බවත්, එහිදී ඇතැම් ස්ථාන මගින් මුදල් ලබාදීම් සිදුකර ඇති බවත් තොරතුරු වාර්තා වී තිබෙනවා.

ගරාජයක හිමිකරුවෙකු නැතහොත් එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරියෙකු හෝ වෙනත් විශේෂිත පුද්ගලයෙකු ලෙස හඟවමින් සැලසුම් සහගත ලෙස මෙම ඇමතුම් ලබා දී මෙම මුදල් වංචා සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම දුරකථන අංක පරීක්ෂා කිරීමේදි බොහෝ අවස්ථාවල එම අංක මියගිය පුද්ගලයින්ගේ හෝ විදේශිකයින් ආශ්‍රිතව ලබාගත් සිම්කාඩ් පත් බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙම ක්‍රියාව ඉතා සංවිධානාත්මකව සිදුකරන බවත් එම වංචාකරුවන් බොහෝවිට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ හෝ යම් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් බවටත් නිරීක්ෂණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ, අනුව එවැනි දුරකථන ඇමතුමක් ලැබුණහොත් කෙසේ හෝ එම ආපදාවට ලක්වූ බවට සඳහන් පුද්ගලයින් දුරකථනයෙන් සම්බන්ධ කරගනිමින් එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගැනීමට කටයුතු කරන ලෙසත්, මෙම වංචනික ක්‍රියාවන්ට හසු නොවන ලෙසත් පොලීසිය මහජනතාවට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?