බහු සන්නාම බිහි කළ ලොක්කෙක්ට රූපවාහිනියේ සභාපතිකම

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ගිහාන් ද සිල්වා පත් කර තිබෙනවා.

අද (26) පෙරවරුවේ ඒ මහතා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයේ රාජකාරි කටයුතු ඇරඹූ බවයි වාර්තා වන්නේ.

ගිහාන් ද සිල්වා මහතා ශ්‍රී ලංකාවේ බහු සන්නාම ආයතනික මෙහෙයුම් පිළිබඳ වසර 25කට වැඩි පළපුරුද්දක් ඇති දක්ෂ ව්‍යාපාරික වෘත්තිකයෙක්.

ඔහු අලෙවිකරණය, උපාය මාර්ගික සැලසුම්කරණය සහ කළමනාකාරිත්වය යන ක්ෂේත්‍රයන්හි හැකියාවන් පෙන්වා ඇති අතර, ඒ තුළින් බලපෑම්කාරී සන්නාම බිහි කිරීම පිළිබඳ ප්‍රසිද්ධියක් අත්පත් කරගෙන තිබෙනවා.

කොළඹ, නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ගිහාන් ද සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හිමි කරගෙන තිබෙන බවත් සඳහන්.

ඒ මහතා සිය වෘත්තීය සාර්ථකත්වයට අමතරව ජාතික සංවර්ධනය සහ තිරසාරභාවය සඳහා වන නව රජයේ ප්‍රමුඛ වැඩපිළිවෙළක් වන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු ක‍රනු ඇති.

    • එතුමාගේ සුදුසුකම් සහ පළපුරුද්ද ගැන තොරතුරු සොයාගත හැකි මූලාශ්‍රයක් තියනව නම්, එවන්න.👍

  1. ඒ මහතාගේ සුදුසු කම් නම් හොදයි .
    වැඩ බලමු.
    අවුරුදු ගාණක් රෑපවාහිනි නොබලා හිටියේ. ආයෙත් බලන්න පුරුදු වෙන්න ඕන.
    ඕනවට වඩා ,සුදු හුණු ගාමින් රෑපවාහිනිය වැඩ කලොත් ආයෙත් එපා වෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14