දේශපාලනඥයෙකු පැදවූ වෑන් රියේ ගැටී නව යුවළකට බරපතළ හානි – සැමියා මරුට

හෙටින් (01) උදාවන නව වසර උදාව සතුටින් පිළිගැනීම සඳහා අලුත් ඇඳුම් පැළඳුම් මිල දී ගෙන නැවත යතුරුපැදියකින් සිය නිවස බලා යමින් සිටි තරුණ යුවළක් රිය අනතුරකට ලක් වීමෙන් සැමියා ජීවිතක්ෂයට පත් ව තරුණිය බරපතළ තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඊයේ (30) රාත්‍රී 9.30ට පමණ මෙම අනතුර සිදු වූයේ උඩුනුවර – දවුලගල – දොළවන්වලපිටිය ප්‍රදේශයේ දී යි.

මරණකරු පදවාගෙන ආ යතුරුපැදියේ වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.

එහිදී 23 හැවිරිදි තරුණ සැමියා මියගොස් ඇති අතර 19 හැවිරිදි තරුණ බිරිඳ බරපතළ තුවාල ලබා සිටියදී වෑන් හිමිකරු විසින් ම ඔවුන් ව රෝහල්ගත කිරීමට කටයුතු කෙරුණා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ දවුලගල – කැලියල්පිටිය ප්‍රදේශයේ පදිංචි අසංක මධුෂාන් යන අයයි.

ඔහුගේ බිරිඳ වූ උත්පලා මහේෂිකා මේ වනවිට බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ප්‍රතිකාර ලබනවා.

මෙවර මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ උඩුනුවර ආසනයෙන් තරග කළ රනිල් රාජපක්ෂ යන අය පැද වූ වෑන් රථයටයි මොවුන් දෙපළ ගැටී ඇත්තේ.

සිද්ධියෙන් පසු වාහනයේ හිමිකරු විසින් මෙම තුවාලකරුවන් පේරාදෙණිය රෝහල වෙත රැගෙන ගොස් භාර දී තමන්ට ද පපුවේ අමාරුවක් යැයි පවසා මහනුවර පුද්ගලික රෝහලකට ඇතුළත් වී තිබෙනවා.

මහනුවර වැඩබලන මහේස්ත්‍රාත් ලියනගේ මහතා අද (31) සවස සැකකරු ප්‍රතිකාර ලබන පුද්ගලික රෝහල වෙත පැමිණ පරීක්ෂා කර බලා ඔහු ලබන 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56