අභිනව නාවික හමුදාධිපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වැනි නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් කාංචන බානගොඩ අද (31) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා හමුවුණා.

හමුදාමය සම්ප්‍රදායන්ට අනුකූලව සිදු කෙ‍රුණු මෙම ප්‍රථම නිල හමුවේ දී, ශ්‍රී ලංකා‍ නාවික හමුදාවේ 26 වැනි නාවික හමුදාධිපති වශයෙන් පත්වීම් සම්බන්ධයෙන් වයිස් අද්මිරාල් කාංචන බානගොඩ වෙත ආරක්‍ෂක ලේකම් විසින් සිය සුබ පැතුම් පිරිනැමිමෙන් අනතුරුව, ජාතික සමුද්‍රිය අභිලාෂය සාක්ෂාත් කර ගැනීම සහ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යය භාරය ඇතුළු වැදගත් කරුණු පිළිබඳව නාවික හමුදාධිපති සහ ආරක්‍ෂක ලේකම් අතර අදහස් හුවමාරුවක් සිදු කෙරුණු බවයි නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ.

නාවික හමුදාධිපති විසින් ආරක්‍ෂක ලේකම් හමු වූ මෙම ප්‍රථම නිල හමුව සංකේතවත් කරමින්, නාවික හමුදාධිපති සහ ආරක්‍ෂක ලේකම් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25