වසන්තා හඳපාන්ගොඩ අභාවප්‍රාප්ත වෙයි (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන ගුරු සංගමයේ හිටපු සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය අද (25) අලුයම අභාවප්‍රාප්ත වී ඇත්තේ එංගලන්තයේ ජීවත් වෙමින් සිටියදි බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

පාසල් තෙවැනි වාර නිවාඩුව ඇරඹීමෙන් පසු ව හඳපාන්ගොඩ මහත්මිය ඇයගේ දියණිය ජීවත් වන එංගලන්තයට ගොස් තිබෙනවා.

එහිදී උත්සන්න වූ රෝගී තත්ත්වයක් මතයි හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත්තේ.

ගාලු මුවදොර ජන අරගල කාලයේ දී වසන්තා හඳපාන්ගොඩ මහත්මිය ගැන වැඩිවශයෙන් කතාබහක් මතුවුණා.

ඒ අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට 2022 මැයි මස 09 වැනි දින සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධවයි.

වසන්තා මහත්මිය එම වසරේ මැයි මස 30 වැනි දින කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

එමෙන්ම අරගලය භීෂණකාරී වන විට සිවිල් වැසියන්ගෙන් හඳපාන්ගොඩ මහත්මියට එල්ල වූයේ සුළුපටු පීඩනයක් නම් නොවන බව ඉතිහාසය මතක ඇති ශ්‍රී ලාංකිකයින්ට නම් අමතක නොවන කාරණයක්.

කෙසේවෙතත් සිය දේශපාලනික මතවාද සමාජ බියවැද්දවීම් හමුවේ හෝ ලැබූ පීඩනකාරී හිංසනයන් හමුවේ වුව ද වසන්තා හඳපාන්ගොඩ මහත්මිය නැවැත්තුවේ නම් නැහැ.

එහි ප්‍රතිඵලයක් ලෙස ඇය 2023 ඔක්තෝබර් මාසයේ දී පොහොට්ටුවේ නව සන්ධානයට එක්ව වූ අයුරු ද දක්නට ලැබුණා.

වසන්තා හඳපාන්ගොඩ යනු ගුරු වෘත්තීයේ නියැලුණු ආචාර්‍යයවරියක් ද වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39