AFC Banner
AFC Banner
Empty Ad

ව්‍යවසායකයන්ට අවශ්‍ය ප්‍රාග්ධනය 2%ණය පොලී සහනය යටතේ

වත්මන් තරුණ පරපුර අනාගත ලෝකයට ගැළපෙන සාර්ථක ව්‍යවසායකයින් බවට පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පවසනවා.

ඉතිහාසයේ ප්‍රථම වතාවට ආසියානු සංවර්ධන බැංකුව සමඟ එක්ව ව්‍යවසාය සංවර්ධනය උදෙසා ණය යෝජනා ක්‍රමයක් වෙනුවෙන් රුපියල් බිලියන 30ක් වෙන් කර ඇති අතර ව්‍යවසායකයන්ට අවශ්‍ය ප්‍රාග්ධනය 2% ණය පොලී සහනය යටතේ ලබාදීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔහු මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

අපේ රටේ සමස්ත ජනගහනයෙන් 2.8% වන ව්‍යවසායකයින් දිරිගැන්වීමේ කාර්යය අප අමාත්‍යාංශයට පැවරී තිබෙනවා. 2028 වසර වන විට එම ව්‍යවසායකයන්ගේ ප්‍රමාණය 10% දක්වා ඉහළ නැංවීම අපේ ඉලක්කයයි.

සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නඟාසිටුවීම වෙනුවෙන් පුළුල් වැඩපිළිවෙළක් අප මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ සදහා අප අමත්‍යාංශය යටතේ ඇති ආයතන සමඟ ඒකාබද්ධව විශාල වැඩකොටසක් සිදු කරමින් සිටිනවා.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු ළමුන් ලක්ෂ දෙකකට වැඩි පිරිසක් රැකියා වෙළඳපොළ වෙත පිවිසෙනවා. නමුත් ඔවුන්ට රැකියා වෙළඳපොලේ අවස්ථාවක් නැහැ. ඒ නිසා අපට අවශ්‍ය වන්නේ ඔවුන් ව්‍යවසායකයින් බවට පත්කිරීමයි. ත්‍රීරෝධ රථයක් රැගෙන පාරට යන දරුවා ඉන් මුදවා ගෙන, ඔවුන්ට අවශ්‍ය දැනුම සහ පුහුණුව ලබාදීමට අප බලාපොරොත්තුව වනවා.

ඉතිහාසයේ ප්‍රථම වතාවට ආසියානු සංවර්ධන බැංකුව සමඟ එක්ව ව්‍යවසාය සංවර්ධනය වෙනුවෙන් සුළු ණය යෝජනා ක්‍රමයක් සඳහා රුපියල් බිලියන 30ක් වෙන් කර තිබෙනවා. එමඟින් ඔවුන්ට අවශ්‍ය ප්‍රාග්ධනය 2% ණය පොලී සහනය යටතේ ලබාදීමට කටයුතු කරනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ වන්නේ වත්මන් තරුණ පරපුර ඉදිරි ලෝකයට ගැලපෙන සාර්ථක ව්‍යවසායකයින් බවට පත් කිරීමයි.

ඒ වගේම ලෝක වෙළඳපොළ 2024-2025 සදහා අත්කම් වෙනුවෙන් බිලියන 789ක් වැය කිරීමට සූදානම්ව සිටිනවා. ඉන් 1%ක් අප රට වෙනුවෙන් වෙන්කර ගැනීමට හැකි නම් එය රටක් ලෙස විශාල ජයග්‍රහණයක් බව මම විශ්වාස කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?