වළේ වැටුණු කළ අහක බැලූ චීන මනාලිය

අප දන්නා කාලයක සිට ශ්‍රී ලංකාවට ස්ථිර විදේශ ප්‍රතිපත්තියක් පැවතුනේ නැහැ. මෙරට විදේශ ප්‍රතිපත්තිය ‘නොබැඳි’ බව වසර ගණනාවක් තිස්සේ විශේෂයෙන් ජාතිකවාදී ආණ්ඩු ප්‍රකාශ කළත් ඒවා ඇත්තටම හුදු අවස්ථාවාදය වෙනුවෙන් කියපු කතා විතරයි. මේ දේශපාලන අවස්ථාවාදය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුව තිබෙන්නේ ඉතාමත් නරක ඉරණමකට.

චීනය සිය ‘එක් මාවතක්-එක් තිරයක්’ (BRI) වැඩසටහන ආසියාව හරහා අප්‍රිකාව දක්වා නිල වශයෙන් ආරම්භ කරන්නේ 2013 වසරේදීයි. ඒත් ඒ වෙනුවෙන් චීනය වසර ගණනාවක සිට සුදානම් විය. එම BRI වැඩසටහනේ එක්‌ කෙලවරක් වන්නේ දකුණු ආසියාවේ පහල කෙලවරේ පිහිටි ශ්‍රී ලංකාවයි.

චීනය විසින් 2010දී BRI වෙනුවෙන් එවකට බලයේ සිටි රාජපක්ෂ ආණ්ඩුවට යෝජනා රැගෙන ආ අතර, විශේෂයෙන් හම්බන්තොට වරාය සහ රටේ වෙනත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති වෙනුවෙන් ඔවුන් මෙරට දේශපාලකයන්ට ඉතාම ආකර්ශනීය කොමිස් මුදල් ලබාදීමට එකඟ උණා.

ඇත්තෙන්ම ශ්‍රී ලාංකික දේශපාලකයන් රාජ්‍ය ව්‍යාපෘතිවලින්,මහා පරිමාන කොමිස් ලබාගැනීමට පොළඹවන ලද්දේ චීනය විසින් යැයි කියන කතාව බොරුවක් නෙමෙයි. චීනයට අවශ්‍ය උණේ කෙසේ හෝ ලොව ප්‍රධාන නාවික ගමනාගමන මාර්ගයක පිහිටි හම්බන්‍තොට අන්තර්ජාතික වරායක් ඉදිකොට මෙරට තුළ චීන ආධිපත්‍ය උපරිමයෙන් පවත්වා ගනිමින් සිය භූදේශපාලනික අවශ්‍යතා ඉටුකර ගැනීම.

ඒ වෙනුවෙන් චීනය එකල ආණ්ඩුවට සම්බන්ධ ප්‍රධාන පෙළේ දේශපාලකයන්ට විශාල වශයෙන් කොමිස් මුදල් ප්‍රදානය කළ අතර, එතැන් සිට ආරම්භවූ මෙරට කොමිස් දේශපාලනය අද වන විට රටට අත්කරදී ඇති විනාශය අතිමහත්. පැහැදිලිවම, වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණදී සිටින උග්‍ර මූල්‍ය අර්බුදය නිර්මාණය කිරීමට පදනම දමන ලද්දේ චීනය විසින් බවට වන චෝදනාව බැහැර කළ නොහැක්කක්.

ඉන්ධන හිඟය හේතුවෙන් දිනකට පැය 13කටත් වඩා විදුලිය විසන්ධි කරද්දීත්, ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් දේශපාලකයන් ඩීසල් ආනයනයෙන් කොමිස් ලබාගැනීමට පෙළඹීම ඔස්සේ මෙම චීන පෙළඹවීමේ භයානක බව හොඳින්ම වටහා ගන්නට පුළුවන්.

මෙලෙස තමන් විසින් විනශයට ගමන් කරවන ලද රටවලට නැවත ප්‍රකෘතිමත් වීමකට කිසිදු අවස්ථාවක චීනය ආධාර ලබාදුන් බවක් මෙතෙක් අසන්නට ලැබී නැහැ. ඊට හොඳම උදාහරණය වන්නේත් ශ්‍රී ලංකාවයි. ණය උගුලක් ප්‍රධානවූ උග්‍ර මුල්‍ය අර්බුදයකට මුහුණදී සිටින ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට මාස කිහිපයකට පෙර මෙරට සංචාරය කළ චීන විදේශ ඇමතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරනු ලැබුවා.

ඒ චීනය විසින් මෙරටට ලබාදී ඇති දැවැන්ත වාණිජ ණය කන්දෙන් කොටසක් හෝ ප්‍රතිව්‍යුහගත කරදෙන ලෙසයි. එහෙත් චීනය එම ඉල්ලීම පිළිබඳව කිසිදු තැකීමක් කළේ නැහැ. ඒ වෙනුවට චීනය සිදුකරනු ලැබුවේ ඩොලර් බිලියන 35ක් පමණ වන, චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදී තිබෙන වාණිජ ණය වෙනුවෙන්, හදිසියේ ගෙවිය යුතු වාරික පියවීම සඳහා තවත් අධික පොලියක් සහිත ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාදීමට සුදානම් බව ප්‍රකාශ කිරීමයි.

එය පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමකට නොදෙවෙනි නැහැ. එපමණක්ද නෙමෙයි. මෙම මාසය ආරම්භයේදී ශ්‍රී ලංකාව විසින් චීනයට ගෙවිය යුතුව තිබූ ඩොලර් මිලියන 136ක ණය වාරිකයක්ද, එය ගෙවීම ප්‍රමාද කරදෙන ලෙස කරන ලද ඉල්ලීම් නොසලකා හරිමින් චීනය විසින් බලහත්කාරයෙන්ම අයකරගෙන තිබුණු බවද මුදල් අමාත්‍යංශ වාර්තා තහවුරු කරනවා.

චීනය මෙම ව්‍යාපෘතිය තුල කලාපයේ තමාගේ ප්‍රධානම එදිරිවාදිකම බවට පත්කරගත් ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් ඈත් කර තබන්නට උපරිම උත්සාහ කරනු ලැබුවා. ඒත් මෑත කාලීනව ශ්‍රී ලංකාව මුහුණදුන් දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ, චීනය තවදුරටත් මෙරටට පස්ස හැරවීමත් සමග ඉන්දියාව ශ්‍රී ලංකාවට කෙමෙන් සමීපවීම පාලනය කිරීමට චීනය අසමත්වී තිබෙනවා.

එහෙත් වසර දහස් ගණනක ඓතිහාසික සම්බන්ධතාවක් සහිත ඉන්දියාව, චීනයේ මග ගනිමින් තමන්ට ඇතැම්විට කෙනහිලිකම් කිරීමට තරම් දුරදිග ගිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෑත අතීතයේ සිදුවීම් සැලකිල්ලට ගෙන නැති බව මේ වන විට හොඳින්ම පෙනෙන්නට තිබෙනවා. ඒ බව තහවුරු සිදුවීම් කිහිපයක්ම පසුගිය සති කිහිපයේදී දැකගැනීමට ලැබුණා.

ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ පසුගිය සතියේ ශ්‍රී ලංකා සංචාරය විශේෂ වන්නේ එහිදීයි.. ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය ජයිශංකර් මෙවර ශ්‍රී ලංකාවට පැමිණියේ, බිම්ස්ටෙක් (BIMSTEC) සමුළුවට සහභාගී වී කලාපීය සමුද්‍ර කලාපය ආරක්ෂාව තහවුරු කිරීමේ සාක්ෂාත් කරගැනීමට සිය කලාපිය සගයන් සමග එක්වීම වෙනුවෙන්.

එහෙත් ශ්‍රී ලංකාවේ ගතකළ දින දෙකහමාරක කාලය ඇතුලත විදේශ ඇමතිවරයාගේ හැසිරීමෙන් දැකගත හැකිවුයේ, තමා ශ්‍රී ලාංකික ජනතාවගේ එදිනෙදා හදිසි අවශ්‍යතා වෙනුවෙන් පවා මැදිහත්වීමට පවා පසුබට නොවන බවට ලබාදෙන පණිවිඩයක්. විශේෂයෙන් සිය සංචාරය අතරතුර ඇමතිවරයා ඉන්දියාවේ ‘අසල්වැසි ප්‍රමුඛ’ ප්‍රතිපත්තිය අනුව ශ්‍රී ලංකාවට ඕනෑම අවස්ථාවක උපකාර කිරීමට සුදානමින් සිටින බව කිහිප අවස්ථාවකදීම ප්‍රකාශ කර සිටියා.

මේ ප්‍රකාශය වඩාත් තහවුරු කෙරෙන විශේෂ සිදුවීමක්ද විදේශ ඇමතිවරයාගේ සංචාරයේ දෙවැනි දිනයේදී දැකගැනීමට ලැබුණා. නිර්වින්දනය කිරීම සඳහා ලබාදෙන අත්‍යවශ්‍ය ඖෂධ සහ ඇතැම් ශල්‍ය උපකරණ නොමැති වීම හේතුවෙන් පසුගිය මාර්තු 28 වැනිදා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිදුකිරීමට නියමිතව තිබූ සියලුම සැත්කම් අත්හිටුවා ඇති බව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න ලිපියක් මගින් සිය රෝහල් කාර්ය මණ්ඩලයට දැනුම්දී තිබුණා.

29 වැනිදා මෙම ප්‍රවෘත්තිය ජනමාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමග, ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්. ජයිශංකර් ඊට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූවා. ආචාර්ය ජයිශංකර් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ මෙම ‘ක්ෂණික මානුෂීය තත්ත්වය’ සම්බන්ධයෙන් තමා ‘කලබලවූ’ බවයි. “මේ ප්‍රවෘත්තිය දැක මා කලබල වුණා. මේ සම්බන්ධයෙන් ඉන්දියාවට කළ හැකි උදව් මොනවාද යන්න සාකච්ඡා කරන ලෙස මම මහ කොමසාරිස් භග්ලේගෙන් ඉල්ලා සිටියා.” යැයි ඉන්දීය විදේශ ඇමැතිවරයා සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කර තිබුණා.

එහිදී විදේශ ඇමැතිවරයාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වූ මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා, කඩිනමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති සහ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ළමාවංශ සම්බන්ධ කරගනිමින් සාමාන්‍ය හා නියමිත පරිදි ශල්‍යකර්ම සිදුකරගෙන යෑමට අවශ්‍ය ඖෂධ පිළිබඳව තමා දැනුවත් කරන ලෙස දැනුම්දීමක් ද සිදුකරනු ලැබුවා.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මෙම විමසීමෙන් මද වෙලාවකට පසුව නිවේදනයක් නිකුත් කරමින් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න සඳහන් කර තිබුණේ අවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ සාමාන්‍ය පරිදි ලැබෙන බවට ලැබුණු තහවුරුවක් මත දෛනික ශල්‍යකර්ම තාවකාලිකව අත්හිටුවීමට ගත් තීරණය ක්‍රියාත්මක නොකරන බවයි.

ඒ අනුව මේ අමාරු අවස්ථාවේ අපට ණය දී උගුලක හිරකළ කොමිස් වැනි නරක පුරැදු ඇබ්බැහියක් බවට පත් කළ චීනය අහක බලද්දී ඉන්දියාව ඉදිරිපත් වී මේ අන්දමකට හෝ සහනයක් සැලසීම දේශපාලන ‍භේදයකින් තොරව අගය කළ යුත්තක් බවට විවාදයක් නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32