වසා දැමු මහනුවර නගරයේ පාසැල් විවෘත කිරිම කල් යයි

බෝගම්බර ගම්මානය හුදෙකලා කරයි

කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් මහනුවර නගර සභා සිමාවේ වසා දැමු පාසැල් තවත් සතියක කාලයක් සඳහා වසා තැබීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ සඳහන් කර සිටිනවා.

ඒ අනුව මහනුවර නගර සභා බලප්‍රදේශයේ පිහිටි පාසැල් 45ක් සහ අකුරණ ප්‍රදේශයේ පාසැල් 05ක් දෙසැම්බර් 14 වෙනිදා දක්වා වසා තබන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් සලකා බලා මහනුවර දිස්ත්‍රික්කයේ පාසැල් ලබන සඳුදා (07) දක්වා වසා තැබීමට පසුගිය සතියේදී තීරණය කරනු ලැබුවා.

මේ අතර කොවිඩ් ආසාදිතයින් කිහිපදෙනෙකු වාර්තා වූ බෝගම්බර ගම්මානය අද සවස 6.00 සිට හුදෙකලා කිරිමට තීරණය කළ බවත් එහි පුද්ගලයින් 1,200ක් පමණ සිටීන බවද ආණ්ඩුකාරවරයා සඳහන් කර සිටියා.

දඹුල්ල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම නිසා වසා දැමු ගලේවෙල ප්‍රදේශයේ පාසැල් ලබන සඳුදා සිට යලි විවෘත කරන බවයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම - සජීවී විකාශය
01:12:55
Video thumbnail
මාලිමා සභාපති - කාන්තාවකගේ අමුතු හාදකම නිසා ගමක් අමාරුවේ වැටෙයි
10:16
Video thumbnail
විදුලි අර්බුදයෙන් රාජ්‍ය වෙසක් උත්සවයටත් ගැටලුවක් ඇතිවෙයිද ?ජෙනරේටර් පාවිච්චි කරන්න
04:22
Video thumbnail
රටවල් 39කට මාස 6ක් සඳහා නොමිලේ සංචාරක වීසා - රටවල් 39ය - නලින්ද කියයි
02:01
Video thumbnail
පාස්කු මහ මොළකරුව බලන්න මහින්ද, ගෝඨා, සජිත් හැමෝම එයි
08:38
Video thumbnail
වැඩි මිලට පොහොර අලෙවි කළ පොහොර ගබඩාවක් වටලයි..ව්‍යාජ ලෙස පොහොර සකසලා ?
09:12
Video thumbnail
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම - සජීවී විකාශය
17:51
Video thumbnail
වීදුරු දොර නොදැක ඇතුලට යන්න ගිහින් වුණ වැඩේ
01:12
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.31
01:16:01
Video thumbnail
පොහොට්ටුවේ කාන්තාවක් ජනාධිපතිට රිදෙන්නම දෙයි
06:42