වස්කඩුව, කොස්ගස් හන්දියේ මාරක අනතුරක් – සැමියා ජීවිතක්ෂයට බිරිඳට තුවාලයි (වීඩියෝ)

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වස්කඩුව, කොස්ගස් හන්දිය ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද (24) උදෑසන සිදු වූ මෙම අනතුරෙන් පුද්ගලයෙක් මියගොස් ඇති බවයි කළුතර උතුර පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි වියේ පසු වූ විවාහක පුද්ගලයෙක්.

මාංශ සඳහා කුකුළන් රැගෙන කොළඹ දෙස සිට ගාල්ල දෙසට ගමන් ගත් ලොරි රථයක ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටීම ඇති අතර, ලොරි රථයේ ගැටුණු ත්‍රිරෝද රථය මීටර් කිහිපයක් ඉදිරියට ඇදී ගොස් විදුලි කණුවක සහ ලොතරැයි කූඩුවක ගැටී නැවතී තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථය අපරික්ෂාකාරී ලෙස දකුණට හැරවීමට උත්සාහ කිරීමේ දී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුර සිදුව අවස්ථාවේ ත්‍රිරෝද රථයේ අඹුසැමි යුවළක් ගමන්කර ඇති අතර, බිරිඳ තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පිරිමි පුද්ගලයා රෝහල් ගතකරන විටත් මියගොස් සිටි බවයි වාර්තා වුණේ.

අනතුර සිදුවීමෙන් පසු ලොරි රථයේ රියදුරු පළාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට කළුතර උතුර පොලිසිය විමර්ශන අරඹා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
5
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?