වස්කඩුව, කොස්ගස් හන්දියේ මාරක අනතුරක් – සැමියා ජීවිතක්ෂයට බිරිඳට තුවාලයි (වීඩියෝ)

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වස්කඩුව, කොස්ගස් හන්දිය ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද (24) උදෑසන සිදු වූ මෙම අනතුරෙන් පුද්ගලයෙක් මියගොස් ඇති බවයි කළුතර උතුර පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි වියේ පසු වූ විවාහක පුද්ගලයෙක්.

මාංශ සඳහා කුකුළන් රැගෙන කොළඹ දෙස සිට ගාල්ල දෙසට ගමන් ගත් ලොරි රථයක ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටීම ඇති අතර, ලොරි රථයේ ගැටුණු ත්‍රිරෝද රථය මීටර් කිහිපයක් ඉදිරියට ඇදී ගොස් විදුලි කණුවක සහ ලොතරැයි කූඩුවක ගැටී නැවතී තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථය අපරික්ෂාකාරී ලෙස දකුණට හැරවීමට උත්සාහ කිරීමේ දී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුර සිදුව අවස්ථාවේ ත්‍රිරෝද රථයේ අඹුසැමි යුවළක් ගමන්කර ඇති අතර, බිරිඳ තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පිරිමි පුද්ගලයා රෝහල් ගතකරන විටත් මියගොස් සිටි බවයි වාර්තා වුණේ.

අනතුර සිදුවීමෙන් පසු ලොරි රථයේ රියදුරු පළාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට කළුතර උතුර පොලිසිය විමර්ශන අරඹා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14