වසර 33ක් ලෝඩ්ස් පිටියේ තබා තිබූ ශ්‍රී ලංකා අභිමානය ගිලිහෙයි

එංගලන්ත කණ්ඩායම සමඟ පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී දැවැන්ත පරාජයක් අත්විදීමට ශ්‍රී ලංකාවට ඊයේ (01) සිදුවුණා.

ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ශ්‍රී ලංකාව පරාජය කරමින් එංගලන්තය ජයගත්තේ ලකුණු 190 කින්.

ඒ, අනුව දෙරට අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ශූරතාව තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම ජයගන්නට එංගලන්තයට හැකියාව ලැබුණා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමක් වසර 33කට පසු ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ලැබූ පළමු පරාජය ලෙසය මෙම තරග පරාජය ඉතිහාසයට එක් වුණා.

එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය සිය පළමු ඉනිම අවසන් කළේ කඩුලු සියල්ල දැවී ලකුණු 427ක් ලකුණු පුවරුවට එක්කරමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 196ක් රැස් කළා.

ඒ, අනුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 231ක් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉනිම ඇරඹූ එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 251ක් රැස් කිරීමට සමත් වුණා.

අනතුරුව ලකුණු 483ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සිය දෙවන ඉනිම වෙනුවෙන් සියල්ල දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 292ක් පමණයි.

ඒ, අනුව මෙම තරගයෙන් එංගලන්තයට ලකුණු 190ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි වුණා.

මෙම තරගයේ දී ශතකයක් සමඟ ඉනිම් දෙකේදී ම කඩුලු 07ක් බිඳ දැමීමට සමත් වූ ස් ඇට්කින්සන් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
9
+1
11
+1
1
+1
9
+1
9
+1
15
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?