කොළඹ ප්‍රධාන මහාධිකරණය විසින් තමන්ට නියම කරන ලද වසර 16 බැගින් වූ සිර දඬුවම් සහ රුපියල් ලක්ෂ 02ක බැගින් වූ දණ්ඩන නියෝගයන් අහෝසි කර, තමන්ව ඉන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා, උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේකර යන විත්තිකරුවන් අද (03)
ඇප අයදුම්පතක් අභියාචනාධිකරණයට යොමු කර තිබෙනවා.
තමන් ඇතුළු සිය පෞද්ගලික ලේකම්වරියට ලබා දුන් නියෝගයන් නීතියට පටහැනි බව පෙන්වාදෙමින් විත්තිකරුවන් සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට ඇපෑලක් යොමු කර ඇති බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.
ඊයේ (02) දින කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබුවා.
රුපියල් ලක්ෂ 02ක බැගින් වූ දඩ මුදල් ද ගෙවීමට නියම කෙරුණු අතර එය නොගෙවන්නේ නම්; තවත් වසර දෙකක බරපතළ සිර දඬුවම් නියම කරන බව ද අධිකරණ විනිසුරුවරයා දැනුම්දුන්නා.
උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නීතියට පටහැනි ලෙස ඉන්ධන දීමනා ලෙස රුපියල් 2,080,500ක් ලබාගැනීම තුළින් දූෂණය නමැති වරද අංක 01,02 හා 03 සිදු කළේ යැයි චෝදනා කරමින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනුකර තිබුණා.