වසර 16ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් ලැබූ එස්.එම් රංජිත් හා ශාන්තිගෙන් අභියාචනයක්

කොළඹ ප්‍රධාන මහාධිකරණය විසින් තමන්ට නියම කරන ලද වසර 16 බැගින් වූ සිර දඬුවම් සහ රුපියල් ලක්ෂ 02ක බැගින් වූ දණ්ඩන නියෝගයන් අහෝසි කර, තමන්ව ඉන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා, උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේකර යන විත්තිකරුවන් අද (03)
ඇප අයදුම්පතක් අභියාචනාධිකරණයට යොමු කර තිබෙනවා.

තමන් ඇතුළු සිය පෞද්ගලික ලේකම්වරියට ලබා දුන් නියෝගයන් නීතියට පටහැනි බව පෙන්වාදෙමින් විත්තිකරුවන් සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට ඇපෑලක් යොමු කර ඇති බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඊයේ (02) දින කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබුවා.

රුපියල් ලක්ෂ 02ක බැගින් වූ දඩ මුදල් ද ගෙවීමට නියම කෙරුණු අතර එය නොගෙවන්නේ නම්; තවත් වසර දෙකක බරපතළ සිර දඬුවම් නියම කරන බව ද අධිකරණ විනිසුරුවරයා දැනුම්දුන්නා.

උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නීතියට පටහැනි ලෙස ඉන්ධන දීමනා ලෙස රුපියල් 2,080,500ක් ලබාගැනීම තුළින් දූෂණය නමැති වරද අංක 01,02 හා 03 සිදු කළේ යැයි චෝදනා කරමින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනුකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
0
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ දෙපාර්තමේන්තුව වහන්න හිතනවනම් ඒක පිස්සු විකාරයක් - සමහර ආයතන වහන්න වෙයි
07:06
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි - කැමරාවට මුහුණ නොපෙන්වා යයි
00:55
Video thumbnail
මම කෞටිල්‍යත් නෙමෙයි චන්ද්‍ර ගුප්තත් නෙවෙයි මම රනිල් වික්‍රමසිංහ - තරුණයින්ට රනිල් උත්තර දෙයි
05:54
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම් - I invite all the visitors
00:30
Video thumbnail
බින් චුන්ද බබල් ටීද අනේ මන්දා එක එක ඒවා දැන් - රනිල් තරුණයින් හමුවෙලා හිනාවෙවී කිව්ව දේ
02:19
Video thumbnail
දෙනොදහක් ඉන්න දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
01:20
Video thumbnail
අඹුසැමි ආරවුල මැදට පැන්න අසල්වැසියා සැමියාව අවසන් ගමන් යවයි
01:55
Video thumbnail
සමන්තුරේ බයික් කල්ලිය පොලිසියට කොටුවෙයි
00:35
Video thumbnail
අනුරාධපුර බිහිසුණු අනතුරේ දර්ශන
01:03
Video thumbnail
කාන්තාවකගේ නිදි යහනට පැන්න මිනිහෙක් සරම දාලා දුවයි
00:45