Empty Ad
AFC Banner
AFC Banner

වසර 14කට පසුව කුසල් පෙරේරා T20 ඉතිහාසය අලුතින් ලියයි

සිය ජාත්‍යන්තර T20 පිටියේ කුළුදුල් ශතකය ලබා ගැනීමට මුල් පෙළ පිතිකරු කුසල් ජනිත් පෙරේරා මීට ටික වේලාවකට (02) පෙර සමත් වුණා.

සත්කාරක නවසීලන්තය සමග පැවැත්වෙන තුන්වැනි T20 තරගයට එක්වෙමිනුයි කුසල් මෙම දක්ෂතාව ලැබුවේ.

ඔහු අද දිනයේ දී සිය 16 වැනි T20 අර්ධ ශතකයට ද හිමිකම් කීමට සමත් වුණා.

මීට අමතර ව තමන් T20 පිටියේ ලබා තිබූ වැඩිම ලකුණු සංඛ්‍යාව ද පසුකර ගිය කුසල් පෙරේරා පන්දු 44කදී
නොදැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 101ක්.

ඊට දැවැන්ත හයේ පහරවල් 04ක් සහ හතරේ පහර 13ක් ඇතුළත්.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා ලකුණු පුවරුව ගොඩනැගීමේ දී නායක අසලංක සමග විශිෂ්ට සබඳතාවක් ද ගොඩනැගුවා.

ශ්‍රී ලංකා කණ්ඩායම වසර 13කට පසුව පන්දුවාර 20 ක්‍රිකට් පිටියේ ශතකයක් ලබා ගැනීම ද අද දිනයේ දී කුසල් නමින් ලියැවීම ද විශේෂත්වයක්.

2011 දී ඔස්ට්‍රෙලියාවට එරෙහිව තිලකරත්න ඩිල්ෂාන් ලබාගත් T20 ශතකයෙන් පසුවයි කුසල් පෙරේරා මෙම දක්ෂතාව දක්වනු ලබන්නේ.

කුසල් පෙරේරා මිචෙල් සැන්ට්නර්ගේ පන්දුවක් හමුවේ දැවී යන විට පන්දු 46ක දී ලකුණු 101ක් ලබාගෙන සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?