වසර 10ක් වසා දමා තිබූ මීගමුව රෝහලේ ශල්‍යාගාර සංකීර්ණය ජනතා අයිතියට

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ නවීකරණය කරන ලද ශල්‍යාගාර සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම අද (14) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේනගේ සහභාගීත්වයෙන් සිදුකෙරුණා.

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ 2000 වර්ෂයේ දී ඉදිකළ අටමහල් ගොඩනැගිලි සංකීර්ණයේ 07 වන මහලේ ස්ථාපනය කළ මෙම ශල්‍යාගාර සංකීර්ණය ජලය කාන්දුවීම හා විවිධ තාක්ෂණික ගැටලු හේතුවෙන් 2015 වර්ෂයේ දී භාවිතය අත්හිටුවීමට පියවර ගෙන තිබුණා.

මෙම ශල්‍යාගාර සංකීර්ණය නැවත ප්‍රතිසංස්කරණය කිරීම සදහා ප්‍රතිසංස්කරණය සිදුකරන ආයතනය මගින් අධික මුදලක් ඇස්තමේන්තුගත කිරීම හා විවිධ හේතූන් නිසා මෙහි ප්‍රතිසංස්කරණ ප්‍රමාදව පැවතියා.

මෙයට විකල්පයක් ලෙස මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය තුෂාර අල්මේදා, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙන්ම ඉංජිනේරුවන්ගේ සහ තාක්ෂණික නිලධාරීන්ගේ සහාය, දායකත්වය ලබාගෙන රුපියල් මිලියන 70ක මුදලකට ඇස්තමේනන්තු ගතකර කිරීමට කටයුතුකර තිබුණා.

ඒ අනුව එම ඇස්තුමේන්තුවට අනුමත, පිළිගත් ක්‍රමවේදයන් භාවිත කර මෙම ප්‍රතිසංස්කරණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

තෘතීයික සත්කාර සේවා සපයන රෝහල් සියල්ලම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තබා ගැනීමට මේවනවිට අවධානය යොමුව ඇතිබව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙහි දී අදහස් දක්වමින් පැවසුවා.

මෙරට ස්ථාපිත දිස්ත්‍රික් මහ රෝහල් අතුරින් රෝහල් හතක් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය නොවන බව සිහිපත්කළ අමාත්‍යවරයා එයින් රෝහල් හතරක් උතුරු පළාතේත්, තුනක් බස්නිහිර පළාතේත් ස්ථාපිත බවත්,ඉන් එකක් ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාපිත බවත් සඳහන් කළා.

අදියර වශයෙන්, ප්‍රදේශයන්හි අවශ්‍යතාවය ද සැලකිල්ලට ගනිමින් එය සිදුකරන බවද පැවසූ අමාත්‍යවරයා එම හතෙන් එකක්වන හොරණ දිස්ත්‍රික් මහ රෝහල ලගදීම මධ්‍යම රජයට පවරා ගැනීමට කටයුතු කරන බවද පැවසුවා.

ප්‍රාථමික සහ ද්විතීයික සත්කාර සේවා ඒකක පළාත් සභාව යටතේ පවත්වාගෙන යන අතරේ තෘතීයික සත්කාර සේවා සපයන රෝහල් මධ්‍යම රජය යටතේ පවත්වාගෙන යාම වැදගත්වන බවද අමාත්‍යවරයා මෙහි දී සදහන්කර සිටියා.

සෞඛ්‍ය ප්‍රතිපත්තිය අනුව සහ සෞඛ්‍ය වැඩසටහන මෙහෙයවීම අනුව තෘතීයික සත්කාර ඒකකවලට ප්‍රමුඛතාවයක් ලබාදීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පැවතීම අතිශය වැදගත් බවද පැවසුවා.

මෙරටට බලපානල ද ව්‍යසනයන් වලදී මීගමුව දිස්ත්‍රික් මහ රෝහල විශේෂ කාර්යභාරයක් සිදුකළ රෝහලක් බව සිහිපත්කළ අමාත්‍යවරයා එම සේවාව සිදුකරනු ලබන්නේ සියලු පහසුකම්වලින් අංගසම්පූර්ණ නොවී බව ද සදහන්කර සිටියා.

කාර්ය මණ්ඩල, ගොඩනැගිලි, උපකරණවල හිඟය ඇතුළුව විවිධ දුෂ්කරතාවයන් තිබියදීත් තමන්ගේ රාජකාරීය අභිභවා ඉන් ඔබ්බට ගොස් රාජකාරී කටයුතු සිදුකිරීම වෙනුවෙන් රාජකාරීයේ නිරත හා නිරතවුනු සියලු දෙනාට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තම ස්තූතිය පුදකර සිටින බව ද පැවසුවා.

රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සිදුකිරීමට රුපියල් මිලියන 60 ක මුදලක් අවශ්‍යවන අධ්‍යක්ෂතුමීය විසින් කරනු ලැබූ ඉල්ලීමට අනූව එම මුදල ලබාදීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා, එම මුදලින් උපරිම සේවාවක් ලබාගන්නා මෙන්ද සදහන් කර සිටියා.

කාර්යක්ෂමව සංවර්ධන කටයුතු සිදුකරන රෝහල් හා සෞඛ්‍ය ආයතනවලට අවශ්‍ය මුදල් උපරිමයෙන් ලබාදීමට කටයුතු කරන බවද පැවසුවා.

සෞඛ්‍ය වෙනුවෙන් වෙන්වන කිසිදු මුදලක් යලිත් පෙරලා භාණ්ඩාගාරයට යැවීම දක්ෂතාවය නොවන බවත්, එසේ බලාපොරොත්තුවක් නැති බවත්, වත්මන් රජය වසරක් තුළ දී වියදම්කර හැකි මුදල් ප්‍රමාණය පිළිබද ඇස්තමේන්තුවක් සහිතව සැලසුම්සහගතව කටයුතු කරන බවද වැඩිදුරටත් මෙහි දී පවසා සිටියා.

මෙරට රෝහල් පද්ධතියේ භෞතික සම්පත් සංවර්ධනයට ගෙනයන සැලසුම් සහගත වැඩපිළිවෙළ යටතේ මෙම සංවර්ධන කටයුතු සිදු කෙරෙන අතර, ඒ අනුව රජයේ අරමුදල් හරහා වෙන් කරන ලද රුපියල් මිලියන 70ක මූල්‍ය පිරිවැයක් යටතේ නවීන තාක්ෂණය ද මුසු කරගනිමින් මෙම ශල්‍යාගාර සංකීර්ණය නවීකරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූල්‍ය ආයතනවල වහලුන් වෙන්න එපා - සජිත් ආණ්ඩුවට සැරටම කියයි
06:59
Video thumbnail
අද අප්‍රේල් පළවෙනිදා - මේ ආණ්ඩුවට සුවිශේෂී දවසක්
06:29
Video thumbnail
අනුර කුමාර දෙන ආතල් එක අපිට බලාගෙන ඉන්න බෑ
05:52
Video thumbnail
ජෛව පද්ධති තාක්ෂණවේදයෙන් දිවයිනේ ප්‍රථමයා වූ දියණියගේ මව සතුටින් කිව්ව දේ..
06:09
Video thumbnail
ගම්මන්පිලගේ ප්‍රකාශයට සුසිල්ගෙන් සැර උත්තරයක්..ගම්මන්පිලලා කළබල වුණාට කරන්න දෙයක් නෑ
04:31
Video thumbnail
රුසියාවෙන් තෙල් එන්නේ නෑ - බොළඳ කතාවලට අහුවෙන්න එපා
15:07
Video thumbnail
ගල් අඟුරු වංචාවක් වෙලා නෑ..කළින්ටත් වඩා විධිමත්වෙලා..මුදල් අපි කවුරුත් සාක්කුවේ දාගන්නේ නෑ
05:12
Video thumbnail
තාත්තා නිවාඩුදාලා අවුරුද්දක් හිටියා..ගණිත අංශයෙන් දිවයිනෙන්ම තෙවන ස්ථානය ලබාගත් සිසුවා කියූ කතාව..
03:29
Video thumbnail
පොහොය දවසේ මිහින්තලේ හිමි ආණ්ඩුවට රිදෙන්නම දෙයි
12:18
Video thumbnail
ස්වාමින්වහන්සේලාව පාරට දැමීම නිසා ගම්මු කුපිත වෙයි..අද තුණුරුවන් මහපාරේ..මේකද වෙනස..
18:54