වසර තුනක සිට වයස අවුරුදු දාහතරක බාලවයස්කාර දැරියකට සිදුකල අපරාධය

වසර තුනක සිට වයස අවුරුදු දාහතරක බාලවයස්කාර දැරියක් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර ඇති පුවතක් වාර්තා වනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති අතර අදාළ දැරියගේ මවගේ අනියම් පෙම්වතා ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බවයි වැලිකඩ පොලිසිය පවසන්නේ.

එමෙන්ම දැරියගේ වැඩිමහල් සොහොයුරියගේ පෙම්වතා ද අත්අඩංගුවට පත් පිරිස අතර සිටින බව සඳහන්.

ඔහු යුද හමුදාවේ සෙබළෙකු බව ද වාර්තාවනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් වයස අවුරුදු 64, 59 සහ 36 වයස්වල පසුවන බවත්, ඔවුන් උඩවලව, රාජගිරිය සහ මහියංගණය පදිංචිකරුවන් බවත් පොලීසිය පවසනවා.

අදාළ දැරිය සිය මව සහ සහෝදර සහෝදරියන් කිහිපදෙනකු සමඟ රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචිව සිටින බව වාර්තාවනවා.

ඇගේ පියා මියගොස් ඇති බවත්, පසුව මවගේ අනියම් පෙම්වතෙකු නිවසට පැමිණ වාසය කර ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

ඔහු 64 හැවිරිදි පුද්ගලයෙකුවන අතර එම පුද්ගලයා සූක්ෂම ලෙස දැරිය රවටාගෙන ඇයව විවිධ ලිංගික ක්‍රියාකාරකම්වලට පොළඹවාගෙන ඇති බව සඳහන්.

ඔහු විසින් දැරියට ජංගම දුරකතනයක් ද ලබා දී තිබෙනවා.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දැරිය 2018 වසරේ දී බරපතළ ලිංගික අපයෝජනයකට ලක්ව ඇති බවයි.

දිගින් දිගටම දැරිය සමග ලිංගික ක්‍රියාකාරකම් සිදුකර ඇති මෙම පුද්ගලයා පසුව රාජගිරියේ ප්‍රදේශයේ පදිංචි තම මිතුරකුට ද දැරිය සමග ලිංගිකව එක්වීමේ අවස්ථාව ලබාදී ඇතැයි හෙළි වී තිබෙනවා.

දැරියගේ වැඩිමහල් සොහොයුරියගේ පෙම්වතාද දැරිය අපයෝජනයට ලක්කිරීමට පටන්ගෙන ඇත්තේ මේ අතරතුරේදී යි.

දැරිය විසූ නිවසට නිතර පැමිණ ඇති මොහු යුද හමුදාවේ සේවය කරන්නෙක්.

මෙම සියළු සිදුවීම් පිළිබඳව මීට දින කිහිපයකට පෙර දැරිය විසින් සිය මිතුරකුට පවසා තිබෙනවා.

ඔහු මේ පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමත් සමග පොලිසිය වහා ක්‍රියාත්මක වී පරීක්ෂණ අරඹා ඇති බව සඳහන්.

දැරියගෙන් ද මෙහි දී ප්‍රශ්ණ කොට ඇති අතර ඒ අනුව අනාවරණය වූ තොරතුරුවලට අනුව දැරිය මුලින්ම ලිංගික අපයෝජනයට ලක්කළ, ඇගේ මවගේ අනියම් පෙම්වතා උඩවලව ප්‍රදේශයේ නිවෙසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව ඔහුගෙන් ලද තොරතුරුවලට අනුව දැරිය අපයෝජනය කළ අනෙක් දෙදෙනා ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවා.

මේ අතර මෙම සිද්ධිය පිළිබඳ සිදු කළ වැඩිදුර විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ දැරිය සමග ලිංගික ක්‍රියාවන්හි යෙදී ඇති තවත් පුද්ගලයින් සිටින බවට යි.

ඒ අනුව ඔවුන් සොයා විමර්ශන සිදුකරන බව පොලිසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21
Video thumbnail
වාහනයෙන් ගිය හරිනිට විමල් ඇතුළු සෙට් එක හූ..කියයි
00:33
Video thumbnail
සත්‍යග්‍රහයට ආ අපිලාගේ සාදුගෙන් අධ්‍යාපන ලේකම්ට සැර සත්තමක්.."මේකා හරිනිට කඩේ යනවා"
06:36
Video thumbnail
විමල්ගේ සහයට තවත් ප්‍රබලයෙක් එකතුවෙයි
04:04


?