වසර තුනක සිට වයස අවුරුදු දාහතරක බාලවයස්කාර දැරියකට සිදුකල අපරාධය

වසර තුනක සිට වයස අවුරුදු දාහතරක බාලවයස්කාර දැරියක් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර ඇති පුවතක් වාර්තා වනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති අතර අදාළ දැරියගේ මවගේ අනියම් පෙම්වතා ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බවයි වැලිකඩ පොලිසිය පවසන්නේ.

එමෙන්ම දැරියගේ වැඩිමහල් සොහොයුරියගේ පෙම්වතා ද අත්අඩංගුවට පත් පිරිස අතර සිටින බව සඳහන්.

ඔහු යුද හමුදාවේ සෙබළෙකු බව ද වාර්තාවනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් වයස අවුරුදු 64, 59 සහ 36 වයස්වල පසුවන බවත්, ඔවුන් උඩවලව, රාජගිරිය සහ මහියංගණය පදිංචිකරුවන් බවත් පොලීසිය පවසනවා.

අදාළ දැරිය සිය මව සහ සහෝදර සහෝදරියන් කිහිපදෙනකු සමඟ රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචිව සිටින බව වාර්තාවනවා.

ඇගේ පියා මියගොස් ඇති බවත්, පසුව මවගේ අනියම් පෙම්වතෙකු නිවසට පැමිණ වාසය කර ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

ඔහු 64 හැවිරිදි පුද්ගලයෙකුවන අතර එම පුද්ගලයා සූක්ෂම ලෙස දැරිය රවටාගෙන ඇයව විවිධ ලිංගික ක්‍රියාකාරකම්වලට පොළඹවාගෙන ඇති බව සඳහන්.

ඔහු විසින් දැරියට ජංගම දුරකතනයක් ද ලබා දී තිබෙනවා.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දැරිය 2018 වසරේ දී බරපතළ ලිංගික අපයෝජනයකට ලක්ව ඇති බවයි.

දිගින් දිගටම දැරිය සමග ලිංගික ක්‍රියාකාරකම් සිදුකර ඇති මෙම පුද්ගලයා පසුව රාජගිරියේ ප්‍රදේශයේ පදිංචි තම මිතුරකුට ද දැරිය සමග ලිංගිකව එක්වීමේ අවස්ථාව ලබාදී ඇතැයි හෙළි වී තිබෙනවා.

දැරියගේ වැඩිමහල් සොහොයුරියගේ පෙම්වතාද දැරිය අපයෝජනයට ලක්කිරීමට පටන්ගෙන ඇත්තේ මේ අතරතුරේදී යි.

දැරිය විසූ නිවසට නිතර පැමිණ ඇති මොහු යුද හමුදාවේ සේවය කරන්නෙක්.

මෙම සියළු සිදුවීම් පිළිබඳව මීට දින කිහිපයකට පෙර දැරිය විසින් සිය මිතුරකුට පවසා තිබෙනවා.

ඔහු මේ පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමත් සමග පොලිසිය වහා ක්‍රියාත්මක වී පරීක්ෂණ අරඹා ඇති බව සඳහන්.

දැරියගෙන් ද මෙහි දී ප්‍රශ්ණ කොට ඇති අතර ඒ අනුව අනාවරණය වූ තොරතුරුවලට අනුව දැරිය මුලින්ම ලිංගික අපයෝජනයට ලක්කළ, ඇගේ මවගේ අනියම් පෙම්වතා උඩවලව ප්‍රදේශයේ නිවෙසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව ඔහුගෙන් ලද තොරතුරුවලට අනුව දැරිය අපයෝජනය කළ අනෙක් දෙදෙනා ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවා.

මේ අතර මෙම සිද්ධිය පිළිබඳ සිදු කළ වැඩිදුර විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ දැරිය සමග ලිංගික ක්‍රියාවන්හි යෙදී ඇති තවත් පුද්ගලයින් සිටින බවට යි.

ඒ අනුව ඔවුන් සොයා විමර්ශන සිදුකරන බව පොලිසිය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37